බස්නාහිර සායනික අපද්‍රව්‍ය ඉවත් කිරීම මුතුරාජවෙලට
බස්නාහිර පළාතේ රෝහල්වලින් ඉවත් කරන සායනික අපද්‍රව්‍ය විනාශ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ මුතුරාජවෙල ප්‍රදේශයෙන් ඉඩමක් ලබා ගත් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
කොළඹ ජාතික රෝහලේ එකතු වී ඇති සායනික අපද්‍රව්‍ය ඉවත් නොකිරීම නිසා මහජන පීඩාවක් ඇති වී ඇති බවට මාධ්‍ය මගින් ඊයේ (28දා) පළ කළ වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
“සායනික අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු සිදු කරන සමාගම මේ වනවිට එම අපද්‍රව්‍ය එකතු කරමින් තාවකාලිකව වෙනත් ස්ථානයක තැන්පත් කරනවා. මම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර මුතුරාජවලින් ඒ සඳහා ඉඩමක් ලබා ගත්තා. එම ඉඩම සකස් කර රසායනික අපද්‍රව්‍ය විනාශ කිරීම ඉදිරියේදී සිදු කරනවා.
එම නිසා ගැටලුවක් ඇති වෙන්න පුලුවන්. නමුත් තාවකාලික පියවරක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සායනික අපද්‍රව්‍ය විනාශ කරන ස්ථානයේ ද එම අපද්‍රව්‍ය විනාශ කරනවා.
මෙවැනි සංවේදී කරුණු මාධ්‍යයේ පළකිරීමේ දී දැඩි අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. මෙම ප්රශ්නය පිළිබඳ මාධ්‍යයට තොරතුරු ලබාදුන්නේ එක්තරා දේශපාලන පක්ෂයකට අයත් හෙද සංගමයක් විසින්. ඔවුන් කිසිදු අවබෝධයකින් තොරව මෙම තොරතුරු ලබා දී තිබෙනවා.”

popular news
-
ravi Thursday, 30 August 2018 01:55 AM
මේ අපද්‍රව්‍ය අපේම විනාශයට ( වසංගතයකට ) මුල විය හැකියි ..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

