බස් සේවකයන්ට බස් හිමියන්ගේ සංගමයකින් චෝදනා
පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ගෙන් බහුතරයක් මත්ද්‍රව්‍ය භාවිතා කර සේවයේ නිරත වන බව තම සංගමය සිදුකළ සමීක්ෂණයකදී හෙළි වූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
මේ පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයාට අද(10දා) තමන් ලිඛිතවම පැමිණිලි කළ බවත්, මේ පිළිබඳව සොයා බලා ක්‍රියාමාර්ග ගන්නා ලෙසට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවටත් පැමිණිලි කළ බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
මෙම තත්ත්වය දිගින් දිගටම පැවැතියහොත් සමස්ත පොදු ප්‍රවාහන සේවයම දැඩි අර්බුදයකට ලක්වන බවද විජේරත්න මහතා කියා සිටියේය.

popular news
-
Gamarala Wednesday, 11 September 2019 07:00 AM
මෙීවාට සමිපූර්නයෙන්ම වගකිවයුත්තේ ගැමුණු විජේරත්න මහතාගේ සංගමයයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

