පුද්ගලික බස් රථයක රහසිගත කුටීර තුළ සඟවා කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ කේරල ගංජා කිලෝ 170 ක ප්‍රමාණයක් අද (22දා) දින පුත්තලම පාලවිය ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පුත්තලම ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය,කොඩිකාමන් හා කිලිනොච්චි යන ප්‍රදේශ වල පදිංචි සැකරුවන් තිදෙනෙකි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිළධාරින්ට හා නාවික හමුදා බුද්ධි අංශ නිළධාරින්ට ලැබුණ තොරතුරක් මත කල්පිටියේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ මෙම බස්රථය පාලවිය මංසන්දියේදී නවතා පරීක්ෂා කර තිබේ.
බස් රථයේ කිසිවෙකුටත් සැක නොසිතන ලෙස ආසන වලට යටින් සකසා තිබු කුටිර තුළ මෙම කේරල ගංජා තොගය සඟවා තිබුණි.

