බස් ගාස්තු අඩු නොකළහොත් නීතිය ඉදිරියට යනවා
බස් සංගම් හා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ක්‍රියාකලාපය අනුමතනොකරන බවත්,දින තුනක් තුළ බස්ගාස්තු අඩුකිරීමට තීරණය නොකළහොත් ජාතික ගමනාගමන කොමිෂමට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් සමස්ත ලංකා බස් මගී සංගමය සඳහන් කරයි.
මේ අනුව රුපියල් 12ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 10 දක්වා අඩුකර,ඩීසල් මිල අඩුවීමට සාපේක්ෂවබස් ගාස්තු අඩුකිරීමට කොමිෂම වහාම තීරණයක්ගතයුතු බවද එම සංගමයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්තමහතා පැවසීය.
එසේ නොමැති වුවහොත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කරන බවද ඒ මහතා පවසා සිටියේය.
මේ මාසයතුළ අවස්ථා තුනකදී රුපියල් 19කින් ඩීසල් මිල පහළ ගොස් තිබෙන බවත්,මේ අනුවඅවම බස් ගාස්තුව අඩුකිරීමට බස් සංගම් සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.
කොමිෂන් සභාව හා බස් සංගම් අතර අද (05දා) පැවැති සාකච්ඡාවලදී මේ මස 21 වැනිදා ඒ පිළිබඳ යළිත්සාකච්ඡා කරන බවට තීරණයක් ගෙන තිබෙන බවත්, නමුත්එම ක්‍රියාව අනුමත නොකරනබවත් විමුක්ති දුෂාන්ත මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

popular news
-
Dhammika Thursday, 06 December 2018 11:21 AM
අනිවාර්යෙන්ම බස් ගාස්තු අඩුකිරීමට සියලු මගී ජනතාව සමස්ත ලංකා බස් මගී සංගමය ගෙනයන උත්සාහයට උපරිම සහයෝගය දියුතුය එමෙන්ම මගීන්ට ඉතුරු මුදල් නොදෙන පුද්ගලික බස් කොන්දොස්තරවරුන්ට විරුද්ධව නීති මගින් කටයුතූ කිරීමට ද වැඩපිළිවෙලක් සකස් කලයුතුය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
