කොටහේන පොලිස් වසමේදී යාපනය කෙළඹ පුද්ගලික බස් රථයක රියදුරෙකු පසුගිය 05 පැහැරගෙන ගොස් කප්පම් මුදල් ලබා ගැනීමට තැත්කිරීම සම්බන්දව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශනය කර සැකකරුයන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
මෙහිදී සැකකරුවන් සන්තකයේ තිබී පැහැරගැනීමට උපයෝගි කරගත් ත්‍රී රෝද රථය සහ තවත් ත්‍රී රෝද රථයයක් සහ කප්පම් ලබා ගැනීමට උපයෝගි කරගත් දුරකථනක්ද සොයාගෙන ඇත.
සැකකරුවන් අද (08) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්දව කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.