බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ සිය ආධාරකරුවන් විසින් සංවිධානය කරනලද යතුරුපැදි පෙළපාලියකට මුඛ ආවරණ නොමැතිව සහභාගී වෙමින් වසංගතය හමුවේ ඔහු මුල සිටම පෙන්වූ මෝඩකම් යළිත් ප්‍රදර්ශනය කර තිබේ.
මුඛ ආවරණ භාවිතය සහ සමාජ දුරස්ථක්රියා ආදිය ගැන කිසිදු තැකීමක් නොකරමින්, තම බලය කෙරෙහි පමණක් කටයුතු කරන බොල්සොනාරෝ මෙවැනි යතුරුපැදි නාටකයක් වසංගත කාලයේ පෙන්වූ පළමු අවස්ථාවද මෙය නොවෙයි.
ඔහු පසුගිය වසරේදීද එරට කොවිඩ්-19 වසංගතය ඉහළ යෑමට සෘජුවම වගකිව යුතු පුද්ගලයා බවට පත්වූයේ වසංගතයේ බැරෑරුම් බව ජනතාවට ඒත්තු ගැන්වීමට කටයුතු නොකිරීමත්, තමාද ආදර්ශයෙන්ම එය ගණන් නොගන්නෙකු ලෙස හැසිරීමත් නිසාය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය ඉහළ නැංවීම වෙනුවෙන් සංවිධානය වූ මෙම යතුරුපැදි පෙළපාලියේ බොල්සොනාරෝ ඇතුළු සියලු දෙනා මුඛ ආවරණ නොමැතිව ගමන් කරන අතර, ඔහු එම පෙළපාලියේ ඉදිරියෙන්ම තවත් අයෙකු නංවාගෙන ගමන් කරන දසුන් දැකගත හැකි විය.
මේ අතර ගෙවීගිය දිනයේ බ්‍රසීලයෙන් කොවිඩ් මරණ මරණ 1,129ක් සහ නව වෛරස් ආසාදිතයන් 37,948ක් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එරට ආසාදිතයන්ගේ යළි වැඩිවීමක් ඇති බවත්, වසංගතය හේතුවෙන් මෙරට පුද්ගලයින් 490,000කට ආසන්න සංඛ්‍යාවක් මියගොස්, මිලියන 17.4ක ජනතාවක් ආසාදනය වී ඇති බව එම දත්ත පෙන්වා දෙයි.
එමෙන්ම සාඕ පාලෝහි ප්‍රාන්ත රජයද ජනාධිපතිවරයාගේ යතුරුපැදි සංදර්ශනයට දැඩිව විරෝධය දක්වමින්, 2020 දී ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කරමින් නගරය තුළ පැනවූ නීතිය ඔහු උල්ලංඝණය කළ නිසා ජනාධිපතිවරයාට දඩ මුදලක් නියම කර තිබේ.