බලය බෙදීමට අවශ්‍යයි - සුමන්තිරන්
දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමට නොදීම ජාතීන් අතර සුහදත්වයට බාධාවක් බව ටී.එන්.ඒ. කියයි. එසේම බලය බෙදීම අවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කළේය.
වත්මන් රජයේ ආකල්ප ජාතීන් අතර සුහදත්වයට බාධාවක් බවත් දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමට නොදීම එහි එක් සිද්ධියක් බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ යාපනයේදී නිදහස් දින ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමට රජයේ අවධානය යොමුවීම සම්බන්ධයෙන් මාධ්‍ය යොමුකළ ප්‍රශ්නයකට යාපනයේදී පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
‘‘2015 යහපාලන රජය පළමු වරට ජාතික ගීය නිදහස් දවසේ දෙමළ භාෂාවෙන් ගායනා කළා. දශක කිහිපයකට පසුව තමයි ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයක් නිදහස් දින සැමරුමකට එක් වුණේ.
ඊට හේතුව තමයි සුහදශීලත්වය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිව්වා හැමෝම යුද්ධය සමරනවා. නමුත් ඒක දැඩි හානියක් වුණු දෙයක් කියලා.
දැන් සුහදතාවය වෙනස් වෙමින් පවතිනවා. ඒකේ එක් අවස්ථාවක් තමයි ජාතික ගීය දෙමළෙන් කියන්න නොදෙන එක. වත්මන් රජයේ ආකල්ප වෙනස් වෙලා. ඒක සුහදත්වයට බලපෑමක්. දෙමළෙන් ජාතික ගීය කියන්න එපා කියනවනම් දෙමළ මිනිස්සු ජාතික ගීය කිව යුතු නැහැ කියන එකයි ඒක අපි සන්තෝසෙන් අතහැරල දානවා.
එක රටක ඉන්න සියලු ජාතීන් අතර බැඳීම් සහජීවනය කඩාකප්පල් වන විදහට මේ රජය කටයුතු කරනවා කියලා අපි ආණ්ඩුවට කියන්න කැමතියි. ප්‍රධාන ජනසමාජිය දෙමළ මිනිස්සු ප්‍රතික්ෂේප කරලා අවුරුදු ගණණාවක් වෙනවා. ඒක වෙනස් වෙන්න ඕන නම් බලය බෙදීමක් වෙන්න ඕන. එතකොට තමයි අපිට ලංකාවේ සම තත්වයෙන් ජීවත් වෙන්න පුලුවන්.”
popular news
-
vijitha Sunday, 29 December 2019 04:59 PM
ලංකාවේ සම තත්වයෙන් ජීවත් වෙන්න පුලුවන් කියන ඔය දෙමළ කොල්ලන්ගේ ඔලු විකාර කරන වසලයා ..ඉන්නේ කොළඹ ..දරුවෝ පිටරට ..පුරවැසිභාවය ප්රංස ..මෙහෙ සංහිදියාව කතාකරනවා ..සුළු ජාතීන්ට සම තත්වය දීලා සිංහලයට පන්සලක් තියාගන්න බැරිවෙලා තියන්නේ ..මේ වගේ කාලකන්නි තමා කොටුවේ බුද්ධ පිළිමයක් තියනවට වගේම හිරගෙදර ඉදිරිපිට දඹකොළ පටුනේ සිහිවටන චිත්‍ර මකන්න උපදෙස් දුන්නෙත් ..ජාතික ගීය කියන්න ඕනා ජාතියක් තියන ජාතික කැක්කුමක් තියන මිනිස්සු ..මේ වගේ සක්කිලි වසලයන්ට ප්‍රන්සේට යන්න කියන්න වෙනවා. ස්විට්සරලන්තෙට උනත් කමක් නෑ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

