බලය බෙදා හැරීම අනන්‍යතාව ආරක්ෂා වන අයුරින්- අගමැති
සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අනන්‍යතාව ආරක්ෂා වන අයුරින් බලය බෙදාහැරීමට ඉදිරියේදී කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ඊයේ (02දා) වවුනියාවේ තරුණ තරුණියන්ගේ ගැටලු හා වෙළෙඳ ප්‍රජාවගේ ගැටලු සම්බන්ධයෙන් වූ ජනහමුවක් අමතමිනි.
"අපි ප්‍රකාශ කරලා තියනවා මේ රටේ නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමේදී බලය බෙදාහැරීම ගැනත් ගන්නා පියවර ගැන ඒකීය රාජ්‍යක් තුළ මීට පෙර ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේත්, කුමාරතුංග ජනාධිපතිතුමියගේ කාලයේත්, රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේත් ආව ඒ වාර්තාවලින් සුදුසු කොටස් ඇතුළු කරනවා කියලත් ප්‍රකාශ කරලා තියනවා.
හැම කෙනා සමගම සාකච්ඡා කරලා ඒ නිසා හැම කෙනාම සහභාගි කරවා ගෙන කටයුතු කරනවා. විශේෂයෙන්ම වවුනියාව වගේ දිස්ත්‍රික්කයක හැම ජාතියම ජීවත් වෙනවා. අපිත් බලන්නේ මුළු රටේම ඉන්න ඔබ සියලු දෙනාම ඒ සියලු ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කරලා බලයා බෙදාහැරලා වැඩකටයුතු ගෙනියන්න යුද්දෙ නිසා කරුණු ගණනාවක් පැන නැගුනා. එත් සමහර ඒවා විසඳන්න අපි ක්‍රියා කළා. ඉතුරු ඒවා විසඳන්නත් අපි පියවර ගන්නවා" යනුවෙන් පවසා සිටියේය.

popular news
-
ඔබේ චන්දයට සබැ වටිනා කමක් Monday, 04 November 2019 03:18 AM
අද රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයකි. මෙවර විකල්පය තෝරාගනිමු. පටු දේශපාලන මතවාද අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා හා රටට අත්‍යවශ්‍යම වූ විකල්පය සදහා පළමු මනාපය විකල්ප වෙනුවෙන් වෙන්කරමු. තවමත් හිත යටින් අන්ධව විස්වාස කරයි නම් ඔබගේ දෙවැනි මනාපය ඔබේ දැක්ම අනුව රටට විනාශය ගෙනවයි සිතන අපේක්ෂකයා පැරදවීමට පාවිච්චි කරන්න. (කිසිවකු මෙවර 50% නොගන්න බැවින් ඔබගේ වටිනා මනාපය අපතේ නොයා ඉහලම වටිනාකම ක් මෙමගින් ලැබේ.)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

