උසේන් බෝල්ට් සිදුකළ කොවිඩ්-19 පරීක්ෂණයේදී ඔහු වෛරසය සඳහා ධනාත්මක බව තහවුරු වී ඇතැයිව ජැමෙයිකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සනාථ කරයි.
කෙටිදුර ධාවන ශූර බෝල්ට් මීට පෙර තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින්, තමා වෛරසය සඳහා පරීක්ෂාවක් සිදුකර ස්වයං හුදකලාවක සිටින බව කියා සිටියේය.
කෙසේ වෙතත් උසේන් බෝල්ට් තමාට කොවිඩ්-19 ඇති බව තහවුරු කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් එහිදී සිදු නොකරළ අතර, ඔහු පවසා තිබුණේ තමාට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බවය.
මුඛ ආවරණ හෝ සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකර අමුත්තන් පිරිවරාගෙන ජැමෙයිකාවේදී සිය 34 වැනි උපන්දින සාදය පවත්වා දින කිහිපයකට පසුව බෝල්ට් මෙසේ කොවිඩ්-19 වෛරසය ආසාදිත බවට තහවුරු වෙයි.