බල ගැටුම් නිසා ගොවියා කබලෙන් ලිපට
මෝසම් වැස්සත් සමග දේශපාලන ගෙම්බන් ඇත්ත ගෙම්බන්ට වඩා වේගයෙන් පනිනා බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.
ඒ මහතා ඊයේ (31දා) පස්වරුවේ දඹුල්ල ප්‍රදේශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් මේ බව සඳහන් කළේය.
රටේ පවතින දේශපාලන අස්ථාවර තත්ත්වය හේතුවෙන් වර්තමානයේ වී ගොවියා බරපතළ ප්‍රශ්න රැසකට මුහුණපා තිබීම, මේ වනවිට පොහොර සහනාධාර නොලැබීම සහ පොහොර ඉල්ලුම්පත් ඉංග්‍රීසි භාෂාවෙන් එවීම ආදී කරුණු රැසක් මුල් කරගනිමින් ගොයම් පැළ රැසක්ද රැගෙන විත් මෙම මාධ්‍ය හමුව පැවැත්වීම විශේෂත්වයකි.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මෙහිදී කියා සිටියේ සිය බලය වෙනුවෙන් පාර්ශ්ව දෙකම එක හා සමානව ක්‍රියා කරමින් සිටින බවත්, මේ වනවිට දේශීය ගොවියා දැඩි අර්බුදයකට මුහුණපා සිටින බවත්ය. මේ දිනවල ඇතැම් වී වගාවන් ආරම්භ වී සති කිහිපයක් ගත වී ඇතත් මෙතෙක් පොහොර ලැබී නැතැයිද ඔහු කීය.
ඒස් කරුණාරත්න

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

