බ්‍රසීලය ගෙවීගිය පැය 24 තුළ නව කොරෝනා වෛසය ආශ්රිත මරණ 987ක් සහ නව ආසාදිතයන් 36,820ක් වාර්තා කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට රට තුළ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 4,419,083ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 134,106කි.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛනවලට අනුව, රෝගීන් මිලියන 4.4කට අධික සංඛ්‍යාවක් සිටින බ්‍රසීලය මේ වනවිට ලෝකයේ තුන්වැනි ස්ථානයට පත්ව ඇති රට වන්නේ ඉන්දියාව හා ඇමරිකා එක්සත් ජනපදයට පමණක් පසුබසිමිනි.
මරණ සම්බන්ධයෙන් බ්‍රසීලය දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර, මේ වනවිට වැඩිම නව කොරෝනා වෛස මරණවලට ගොදුරු වී ඇත්තේ එක්සත් ජනපදය පමණි.