බ්‍රසීලයේ නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 50 ඉක්මවා ඇති අතර, එය අද (08දා) උදෑසන දැක්වුණේ 5,000,694ක් ලෙසිනි.
එසේම බ්‍රසීලයේ වෛරසය ආශ්‍රිතව මේ දක්වා සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 150,000 සීමාවට පැමිණ අද (08දා) උදෑෂන වනවිට 148,228ක් ලෙස දැක්වෙයි.
බ්‍රසීලයේ ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ නව කොරෝනා වෛරසය පුංචි උණක් ලෙස සැලකීම එරට තුළ වෛසය ආශ්රිත මරණ හා ආසාදිතයන් ඉහළ යෑමට හේතු වූ බවට චෝදනා නැගෙයි.
ජනාධිපතිවරයාගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය නිසා අවසානයේදී ඔහුද වෛරසයට ගොදුරු වූ අතර, අවසානයේ හෝ යම් තරමකින් වෛරසය පාලනය කරගැනීමට මේ වනවිට බ්‍රසීලය කටයුතු කරමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.