බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙවීගිය පැය 24 තුළ නව කොවිඩ්-19 ආසාදිතයන් 45,323ක් වාර්තා කර ඇති අතර, මේ සමග එරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 3,501,975ක් දක්වා ඉහළ යමින් මිලියන 3.5 කඩඉම පසුකර තිබේ.
අවම වශයෙන් මෙම කාලය තුළ තවත් කොවිඩ් -19 මරණ 1,204ක් වත් අමාත්‍යාංශය විසින් වාර්තා කර ඇති අතර, එමගින් රටේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව ආසන්න වශයෙන් 112,304ක් දක්වා ඉහළ ගොස් තිබේ.
බ්‍රසීලය ආරම්භයේ සිටම කොවිඩ්-19 සටන රටේ නායකත්වය විසින්ම පාවාදුන් අවස්ථාවක් ලෙස විදෙස් වාර්තා පෙන්වා දෙන අතර, වෛරසය පුංචි උණක් ලෙස සැලකූ ජනපති බොල්සොනාරෝගේ ක්‍රියාකලාපය රටේ ආසාදන හා මරණ වැඩිවීමට සෘජුවම බලපෑ බවට චෝදනා පවතී.