බ්‍රසීලය විසින් ගෙවීගිය දිනයේ නව කොවිඩ් -19 ආසාදිතයන් 49,298ක් සහ මරණ 1,212ක් තහවුරු කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
අමාත්‍යාංශයේ දත්තවලට අනුව බ්‍රසීලයේ අවම වශයෙන් පුද්ගලයින් 111,100ක් කොරෝනා වෛරසයෙන් මිය ගොස් ඇත. තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 3,456,652 කි.
කෙසේ වෙතත් බ්‍රසීලයේ ඉහළ පෙළේ සෞඛ්‍ය නිලධාරියෙකු ප්රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ කොවිඩ් -19 ආශ්රිත මරණ රට තුළ අඩුවෙමින් පවතින බවයි.
"වසංගතයේ 30 වැනි සතියේ (ජූලි මැද) සිට එය ක්‍රමයෙන් පහත වැටෙමින් තිබෙනවා. අප සැබවින්ම සැලකිය යුතු ලෙස පහත වැටී ඇත්දැයි බැලීමට ඉදිරි සති දෙක තුන තුළ රෝගයේ හැසිරීම අනුගමනය කළ යුතුයි" බ්‍රසීලයේ සෞඛ්‍ය නිරීක්ෂණ ලේකම් ආර්නල්ඩෝ කොරියා ඩි මෙඩීරෝස් පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් බදාදා නිකුත් කළ දත්තවලට අනුව, පසුගිය සතිය වනවිට කොවිඩ්-19 ආශ්රිත මරණ ඊට පෙර සතියට සාපේක්ෂව 2%කින් පහත වැටී තිබේ.
මේ කවර තත්ත්වයක් යටතේ වුවද මේ වනවිට ලෝකයේ වැඩිම කොරෝනා වෛරස ආසාදන හා මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් බ්‍රසීලය අඛණ්ඩව දෙවැනි වී ඇත්තේ එක්සත් ජනපදයට පමණි.