බ්‍රසීලයේ තහවුරු කරන ලද කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 2 සීමාව ඉක්මවා ගොස්, අද (15දා) අලුයම වනවිට 202,918ක් දක්වා ඉහළ ගොස් තිබේ.
බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව අඛණ්ඩව දෙවැනි දිනය සඳහා බ්‍රසීලය විසින් වාර්තා වූ නව රෝගීන් 13,944කි.
එමෙන්ම එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව පසුගිය පැය 24 තුළ නව මරණ 844ක් වාර්තා වී තිබේ. ඒ අනුව කොවිඩ් -19 හි බ්‍රසීලයේ සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව මේ වනවිට 13,993කි.
ලොව වැඩිම කොරෝනා වෛරස ආසාදිතයන් වාර්තා වන රටවල 6 වැනි ස්ථානයට බ්‍රසීලය පත්ව තිබේ. එය එක්සත් ජනපදය, රුසියාව, එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය සහ ඉතාලිය පිටුපසින් සිටින බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි.