කොවිඩ්-19 වෛරසය ලතින් ඇමෙරිකානු රාජ්‍යයක් වන බ්‍රසීලය වෙත දිගින් දිගටම තදින් පහර දෙමින් අද (10දා) අලුයම වනවිට එරට පුද්ගලයන් 10,656 දෙනෙකුගේ ජීවිත බිලිගත් බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පසුගිය දින කිහිපය තුළ අවම වශයෙන් නව වෛරස් ආසාදිතයන් 10,611ක් වාර්තා වී ඇති අතර, රට පුරා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 156,061ක් දක්වා වර්ධනය වී තිබේ.
ඒ අනුව ලතින් ඇමරිකාවේ තහවුරු කරන ලද වැඩිම කොරෝනා ආසාදිතයන් සිටින රට බවට බ්‍රසීලය පෙරමුණ ගෙන ඇති අතර, ආසාදිතයන් වැඩිම රටවල් 10 අතරටද බ්‍රසීලය පැමිණ තිබේ.
බ්‍රසීලය තුළ වෛරසය මේ ආකාරයෙන් පැතිර යාමට එරට ජනාධිපති ජෙයාර් බොල්සෝනාරෝගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතු වී ඇති අතර, නිරෝධායන හා අගුලු දැමීම් වැනි ආසාදනය වැළැක්වීමේ පියවරයන්ගේ බලපෑම් බ්‍රසීලයේ ආර්ථිකයට වඩා නරක බලපෑමක් ඇති කළ හැකි යැයි විශ්වාස කරන ඔහු වෛරසයේ තර්ජනය නැවත නැවත ප්‍රතික්ෂේප කරයි.