මාර්තු මාසයේදී ඇමෙරිකානු සංචාරයෙන් පසුව බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ සිය කොවිඩ්-19 වෛරසය සඳහා සෘණාත්මක පරීක්ෂණ ප්‍රතිඵලයක් පෙන්වා තිබේ.
ජනාධිපතිවරයා සම්බන්ධයෙන් වෙන වෙනම සිදුකළ පරීක්ෂණ තුනක ප්‍රතිඵල ඊයේ (13දා) මහජනතාව වෙත ප්‍රසිද්ධ කර ඇත්තේ එරට එරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු හරහාය.
මාර්තු මස 12දා සිට 17දා දක්වා මෙම පරීක්ෂණ සිදුකර ඇති අතර, ඒ ජනාධිපතිවරයා ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හිදී ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡාවලින් පසු දිවයිනට යළි ළඟාවීමෙන් පසුවය.
බදාදා නිකුත් කරන ලද පරීක්ෂණ තුනෙහිදී, බොල්සොනාරෝ කේත නාම භාවිත කර ඇතත්, හැඳුනුම් අංක ඔහුට ගැලපෙන බව කියැවෙයි. දිගින් දිගටම නීතිමය තත්ත්වයන්ද ප්‍රතික්ෂේප කරමින් සිටි බොල්සොනාරෝ අවසානයේදී සිය පරීක්ෂණ ප්‍රතිඵලය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට භාරදී තිබුණි.
මේ වනවිට බ්‍රසීලයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 190,000 සීමාවට පැමිණ ඇති අතර, වෛරසය ආශ්රිත මරණ 13,000 ඉක්මවා ඇත.