නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඇතිව පවතින ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් මධ්‍යම පළාතටද දැඩි සුළං තත්වයක් සහ වැසි තත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයට අනුව අද දෙසැම්බර් 02 සහ හෙට දෙසැම්බර් 03 න දෙදින තුල මධ්‍යම පළාතේ බොහෝ ප්‍රදේශවලට පැයට කිලෝ මීටර් 80 ත් 100 ත් අතර ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි බවත් බොහෝ ප්‍රදේශවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවත් අනාවැකි මගින් ප්‍රකාශ කරතිබේ.
දෙසැම්බර් මස තුන් වනදා එනම් හෙට දිනයේදීද මධ්‍යම පළාතේ බොහෝ ප්‍රදේශවලට පැයකට කිලෝ මිටර් 80 ත් 100 ත් අතර ඉතා තද ප්‍රහාරාත්මක තද සුළං ඇති වන බවත් මිලි මීටර් 200 ඉක්මවූ තද වැසි ඇති වීමේ හැකියාව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
දෙසැම්බර් තුන් වනදා දක්වා පවතින මෙම අවදානම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මොහොමඩ් ආසික්