ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංගගේ බිරිඳ හා තිසර පෙරේරාගේ බිරිඳ අතර සමාජ මාධ්‍ය හරහා සිදුවන මත ගැටුම සම්බන්ධයෙන් තිසර පෙරේරා සිය ෆේස්බුක් ගිණුමෙන් අදහස් දක්වා තිබේ.
ලසිත් මාලිංගගේ බිරිඳ වන සිය ෆේස්බුක් පිටුවෙන් සඳහන් කර තිබුණේ නව ක්‍රීඩා අමාත්‍යවරයා පත්වූ විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ඔහුගේ නිවසට ගොස් ඔහුව හමුවූ බවයි.
ඒ සඳහා ඇය පැන්ඩා දෙදෙනෙක්ගේ ඡායාරූප එක්කර තිබුණ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පැන්ඩා යන අන්වර්ථ නාමයෙන් හඳුවන්නේ තිසර පෙරේරායි.
කෙසේ වෙතත් මෙයට තිසර පෙරේරාගේ බිරිඳද සිය ෆේස්බුක් පිටුවෙන් අදහස් දක්වා තිබුණි. අවසානයේදී සිය මත ප්‍රකාශ කරන තිසර පවසන්නේ චෝදනා ඇත්නම් එය සාක්ෂි සහිතව ඉදිරිපත් කරන ලෙසත් තමන්ගේ කාර්යය සාමයෙන් කරගෙන යෑමට ඉඩ ලබාදෙන ලෙසත්ය.