එක්සත් රාජධානිය වෙත ගුවන් මගින් පැමිණෙන පුද්ගලයන්ට නිරෝධායන කාල සීමාවක් හඳුන්වා දෙන බව අගමැති බොරිස් ජොන්සන් ඉරිදා නිවේදනය කළේය.
අගමැති බොරිස් ජොන්සන් ජාතිය අමතමින් කියා සිටියේ, "නැවත විදේශයන්ගෙන් ආසාදනය වීම වැළැක්වීම සඳහා, සම්ප්‍රේෂණය සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පවත්වා ගැනීමට, ගුවන් මගින් බ්‍රිතාන්‍ය වෙත පැමිණෙන පුද්ගලයින්ට නිරෝධායන පැනවීමට කාලය උදාවී ඇතැයි මා දැනුම් දෙනවා" යනුවෙනි.
කෙසේ වෙතත් එක්සත් රාජධානියේ ගුවන්තොටුපල මෙහෙයුම්කරුවන්ගේ සංගමයේ ප්‍රධාන විධායක කැරන් ඩී මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින්, "නිරෝධායන කාල පරිච්ඡේදයක් හඳුන්වාදීම එක්සත් රාජධානියේ ගුවන් සේවා කර්මාන්තයට විනාශකාරී බලපෑමක් ඇති කළ හැකියි" යනුවෙන් අනතුරු ඇඟවීය.