කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත බ්‍රිතාන්‍යයන් අද (07දා) අලුයම වනවිට 202,356ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙන පරිදි මේ වනවිට බ්‍රිතාන්‍යයේ සිදුව ඇති කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 30,150කි.
මෙය බටහිර යුරෝපා කලාපයේ කොරෝනා වෛරසය ආශ්‍රිතව වාර්තා වන වැඩිම මරණ ප්‍රමාණය වන අතර, එක්සත් ජනපදයට පසුව ලොව පුරා වැඩිම මරණ වාර්තා වන රට බවටද බ්‍රිතාන්‍ය පත්ව ඇත.
මෙහි වඩාත් භයානක තත්ත්වය නම් බ්‍රිතාන්‍යයෙන් මේ දක්වා කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගෙන් 929 දෙනෙකු පමණක් සුවය ලබා තිබීමය.