එක්සත් රාජධානියේ ප්‍රවාහන මාධ්‍යයන් ලෙස පාපැදිය සහ ඇවිදීම දිරිගැන්වීම සඳහා ඇ.ඩො.බිලියන 2.48ක පැකේජයක් එරට රජය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
පොදු ප්‍රවාහන ජාලයන්හි සමාජ දුරස්ථ සීමා කිරීම්වලට සරිලන පරිදි විකල්ප ප්‍රවාහන මාධ්‍යය ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස මෙය ඉදිරිපත් කෙරෙයි.
එරට ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ෂැප්ස් සෙනසුරාදා පැවසුවේ පොදු ප්‍රවාහන සේවාවල තදබදය වළක්වා ගැනීම සඳහා පාපැදිය සහ ඇවිදීම එක්සත් රාජධානියේ ප්‍රවාහන ප්‍රතිපත්තියේ හදවත බදු වනු ඇති බවයි.
විශේෂයෙන්ම බස් රථ හෝ දුම්රියේදී සමාජ දුරස්ථ රීතීන් සැලකිල්ලට ගත්විට මීටර් 2ක පරතරයක් පවත්වා ගැනීම දුෂ්කරවීමත් ඒ හරහා ඇතිවන පොදු ප්‍රවාහන සේවාවල ගැටලු සැලකිල්ලට ගනිමින් බ්‍රිතාන්‍ය රජය මෙම පැකේජය හඳුන්වාදී ඇත.
ඒ අනුව ජුනි මුල් සතියේ සිට ඇරඹෙන මෙම ක්‍රියාවලිය සමග දැනට ප්‍රවාහන මාධ්‍යයක් ලෙස භාවිත වන පාපැදි සංඛ්‍යාව දෙගුණ කිරීමේ ඉලක්කයක්ද ඔවුන් කතා කරයි. ඒ අනුව පාපැදි සඳහා වෙන්වූ මංතීරු, පදිකයන් සඳහා පුළුල් පදික වේදිකා මෙන්ම බස් රථ හා පාපැදි පමණක් ඇතුළු විය හැකි වීදි මේ අනුව හඳුන්වා දෙනු ඇත.