ඇමෙරිකාවේ, නිව්යෝක් නගරයේ පාසල් නැවත විවෘත කිරීම සඳහා ප්‍රමුඛතාව ලබාදීම සඳහා බාර් සහ ගෘහස්ථ ආසන සහිත අවන්හල් වසා දැමිය යුතු බව එරට ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසයි.
"බාර් වසා දමා පාසල් විවෘතව තබන්න" ෆවුසි පැවසීය.
එසේම පාසල් විවෘතව තබා ගැනීම සඳහා ඇමරිකානුවන් විසින් ප්‍රජාව තුළ වෛරසය පැතිරීම නැවැත්වීමට කටයුතු කළ යුතු බවද වෛද්‍ය ෆවුසි සඳහන් කළේය.
"අපි ළමයින් නැවත ගෙන්වා ගැනීමට උත්සාහ කරමු. ප්‍රජා ව්‍යාප්තිය වළක්වා ගනිමින්, අපි සම්ප්‍රේෂණ වළක්වා ගැනීමට උත්සාහ කරමු. මේ සඳහා මුඛ ආවරණ නොමැතිව ගෘහස්ථව වාඩිවී සිටිය හැකි බාර් සහ අවන්හල් වසා දමමු." යනුවෙන් ෆවුසි පැවසීය. "ඒවා ප්‍රජා ව්‍යාප්තියක් ඇති කිරීමට හේතු වන ස්ථාන මිස පාසල් නොවෙයි."