බන්ධනාගාර නිලධාරීන් ගණනාවක් මේ වනවිට හිටිහැටියේ කෝටිපතියන් වී ඇතැයි බන්ධනාගාර අරංචි මාර්ග අනාවරණය කරයි.
එසේ වුවද සහකාර බන්ධනාගාර අධිකාරීවරුන්ගේ සිට ඉහළට සෑම නිලධාරියකුම වාර්ෂිකව වත්කම් බැරකම් ප්රකාශ ඉදිරිපත් කළයුතු වුවත් සැබෑ වත්කම් අනාවරණය නොකරන බව සඳහන් වේ.
මෙම නිලධාරීන්ගෙන් වැඩිදෙනා බන්ධනාගාර රැකියාවට පැමිණි පසු හිටි හැටියේ කෝටිපතියන් බවට පත්ව ඇති අතර යානවාහන, ඉඩකඩම්, වතුපිටි ඇතුළු දේපොළ හිමිකරුවන් බවට පත්ව ඇතත් වත්කම් බැරකම් ප්රකාශනවලට ඒ කිසිවත් ඇතුළත් නොවන බවද දැනගන්නට තිබේ.
මෙම සියලුම දේපළ වත්කම් බිරියගේ සහ වෙනත් පුද්ගලයන්ගේ නමින් පැවතීම මීට හේතුවී ඇතැයිද පවසයි.
දැනටමත් රාජකාරී කරන ඇතැම් නිලධාරීන් සිරගත මත්කුඩු ජාවාරම්කරුවන් ඇතුළු විවිධ ජාවාරම්කරුවන් සමග සමීප සබඳතා පවත්වාගෙන යමින් කෝටි ගණනින් මුදල් උපයන බවද එවන් එක් නිලධාරියෙක් මෑතකදී කොළඹ 10, ආනන්ද රාජකරුණා මාවතෙන්ද තවත් නිලධාරියෙක් ගම්පහ ප්ර‘දේශයෙන්ද ඉඩකඩම් මිලයට ගෙන ඇතැයිද සඳහන් වේ.
ජයන්ත සමරකෝන් (ඉරිදා ලංකාදීප)
