බන්ධනාගාර ජේලර්ගේ ඝාතනය පතාලයේ ක්රියාවක් දැයි පුළුල් විමර්ශන
වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු අංශයේ ප්රධාන ජේලර්වරයාට වෙඩි තබා ඝාතනය කිරිම පාතාල කල්ලි සාමාජිකයින් අතර ඇතිවු මත ගැටුමක ප්රතිඵලයක් බවට සැකකරන බව පොලීසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ මෙරෙඤ්ඤ තිළිණ රුවන් තිහාර ජයරත්න (44 ) නැමැති අයෙකි.
මොහු රැකියාව අවසන් කොට පෙරේදා (3) කොළඹ සිට දුම්රියෙන් පැමිණ අම්බලන්ගොඩ දුම්රියපොළෙන් බැස යතුරුපැදියෙන් නිවස බලා යමින් සිටින විට යතුරුපැදියකින් පැමිණි නොහඳුනන යතුරුපැදිකරුවන් විසින් කුලීගොඩ හන්දියේදී මෙම ජේලර්වරයා ඝාතනය කොට පළා ගොස් තිබුණි.
අම්බලන්ගොඩ තල්දුව ප්රදේශයේ පදිංචිවී සිටි මෙම ජේලර්වරයා මීට වසර තුනකට පමණ පෙර කුලිගොඩ නිවසේ පදිංචියට පැමිණ ඇති අතර ඒ වන විට මොහු ගාල්ල බන්ධනාගාරයේ සේවය කර ඇත. පසුගිය වසරේ ඔක්තෝබර් මස 19 වන දින මීටියාගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් මහවෙල ප්රදේශයේ හෙරොයින් තිප්පොලක් වැටලීමට ගිය අවස්ථාවේ එහි සිටි මෙම ජේලර්වරයා තම යතුරුපැදියද එම ස්ථානයේ දමා පළා ගොස් ඇත.
මෙම සිද්ධිය මත මෙම ජේලර්වරයාගේ වැඩ තහනම් කරන ලද අතර මීට මාස තුනකට පමණ පෙර නැවත සේවයේ පිහිටුවා වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු අංශයේ ප්රධාන ජේලර්වරයා ලෙස ස්ථාන මාරුවක් ලබාදි තිබේ. මියගිය ජේලර්වරයා පාතාල කල්ලි සමග සම්බන්ධකම් පවත්වමින් සිටියේද මෙම ඝාතනය පාතාල කල්ලි අතර ඇතිවූ ගැටුමක ප්රතිඵලයක් ලෙස සිදු කළේද කියා සොයා ගැනිමට පරික්ෂණ පවත්වන බව පොලීසිය පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

