බන්දුලගේ කතාවට නාමල්ගේ විරෝධය
මෙවර උසස්පෙළ විිභාගයේ කළා අංශයේ දිවයිනේම පළමු ස්ථානය ලබාගත් සිසුවිය ජාත්‍යන්තර පාසලකින් බිහිවූයේ කුමන්ත්‍රණයක් නිසා බව හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙක් මෙන්ම, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන බන්දුල ගුණවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ඔහුගේ මෙම ප්‍රකාශය බොහෝ පිරිසකගේ විවේචනයට ලක්කළ අතර ඒ පිළිබඳව අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ යම් ගැටලුවක් ඇත්නම් එ් පිළිබඳව අවධානය යොමුකිරීමේදී ළමුන්ගේ සාර්ථකත්වයට හානියක් නොවන අයුරින් සිදුවිය යුතු බවයි.
එසේම ජාතික මට්ටමේ විභාගයකට දරුවන් මුහුණ දීමේදී ඔවුන් දේශීය හා ජාත්‍යන්තර ලෙස බෙදා වෙන් නොකළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
Free education is essential in ensuring children receive the opportunities they deserve. There shouldn’t be a discrimination between local & international schools for national exams & if there are concerns they should be addressed without disrupting the children’s achievements https://t.co/kfkeM0IOXL
— Namal Rajapaksa (@RajapaksaNamal) January 1, 2019
I think MP Bandula G’s position on this issue is not correct. Only way to manage this issue is to introduce some kind of regulatory mechanism to Int School system and to open way for those students to move into the main stream of the #Education. #lka #Srilanka https://t.co/U2JIl2GUdh
— Charitha Herath, PhD (@charith9) January 1, 2019
How inhumane #SriLanka politicians could be 4 chief political gain! A @PresRajapaksa general, MP Bandula Gunawardane, is accusing the govt, 4 allowing a bright female student to sit a Govt exam & come 1st in her preferred stream. He is finger pointing her at a press con. SHAME pic.twitter.com/tVpGAfBC9s
— sunanda deshapriya (@sunandadesh) January 1, 2019
popular news
-
Champa Wednesday, 02 January 2019 02:32 PM
බන්දුලගේ කතාවේ කිසි වැරැද්දක් නැහැ. ජාත්‍යන්තර පාසල් වල දරුවන්ට ජාතික මට්ටමේ විභාග වලට ඉඳ ගන්න ඉඩ දෙන එක වැරදියි. ජාතික මට්ටමේ විභාග තමයි ගම්බද දුප්පත් දරුවන්ට තියෙන එකම පිළිසරණ. තියෙන හැම අවස්ථාවම සල්ලි කාරයෝ උදුරා ගන්න රටක නිදහස් අධ්‍යාපනය තමයි දුප්පත් අඩු පහසුකම් තියෙන පවුල් වල සහ අඩු පහසුකම් තියෙන පාසල් වල ඉගෙන දරුවන්ට තියෙන එකම බලාපොරොත්තුව. නිදහස් අධ්‍යාපනය මේ රටේ ඇති කරන්න හේතුව මොකක්ද? ඒ තමයි සල්ලි තියෙන මිනිස්සුන්ගේ දරුවන්ට තියෙන අධ්‍යාපන අවස්ථා සල්ලි නැති දරුවන්ටත් එක හා සමානව ලබා දීම. ජාතික මට්ටමේ ව්භාගයක් තියෙන්නේ දුප්පත් ඒ දරුවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා ගන්න අවස්ථාව ලබා දීමට. විශ්ව විද්‍යාලයට ඇතුල් වීම අද ඉතාම දුෂ්කර වෙලා තියෙනවා. එහෙම තියෙද්දී ඒ අවස්ථාවත් සල්ලි තියෙන මිනිහෙක්ගේ දරුවෙක්ටම දෙන්න හදන එක වැරදියි. ජාත්‍යන්තර පාසල් වල ඉගෙන ගන්න දරුවන්ට පුළුවන් ජාත්‍යන්තර විභාග වලට ඉඳ ගන්න. ඊළඟට ජාත්‍යන්තර පාසල් වල ඉගෙන ගන්න අනිත් දරුවොත් මේකම කරන්න ගියොත් මොකොද වෙන්නේ? දුප්පත් මිනිස්සුන්ට තියෙන එකම හව්හරනත් ධනවතා උදුරා ගන්න හදන එකට සම්පූර්නයෙන්ම විරුද්ධයි.
Reply : 14 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

