හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන්ට එරෙහිව පැමිණිලි ගොනු කිරීම සඳහා පිවිතුරු හෙළ උරුමය ඇතුළු තවත් සංවිධාන දෙකක නියෝජිතයෝ අද (12) කොළඹ කොටුව පොලිස් මූලස්ථානයට පැමිණ සිටියහ.
පිවිතුරු හෙළ උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිල, සිංහලේ ජාතික සංවිධානයේ ඩෑන් ප්‍රියසාද් යන මහත්වරු පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පැමිණ සිටි අතර සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියෝද පැමිණ සිටියහ.
අසාද් සාලි මහතාට අයත් පවුලේ ව්‍යාපාරයකට රාජ්‍ය මුදල් යොදවා ඇති බවත් ඔහුට එතරම් මුදලක් ලැබුණේ කෙසේද යන්න පිළිබඳවත් වහාම පරික්ෂණයක් කළ යුතු බවට පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.
