බණ්ඩාරනායකගේ SLFP යත් සේනානායකගේ UNP යත් අද නෑ
අද වන විට එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ඩී. එස්. සේනානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂය හෝ නොමැති බවත් එය සැම දෙනාම පිළිගත යුතු කරුණක් බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ මව්රට තරුණ සංවිධානය ඉදිරිපත් කළ ගමේ පන්සල ගමට සවියක් ප්‍රජා සත්කාරක වැඩසටහන අද (24දා) එක් වෙමිනි.
එම වැඩසටහන පෑලියගොඩ මීගහවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේදී පැවැත්විණ.
“ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටයි විශාල වගකීමක් තියෙනවා. එතුමන්ලා මහජනතාවට දුන්න පොරොන්දු ඉටු කළ යුතුයි. තව අවුරුදු එකහමාරක් එතුමන්ලා දෙන්නා එකට එකතු වී වැඩ කළහොත් මේ රට තවත් දියුණු කරන්න පුළුවන්. නමුත් මේ සබඳතාව බිඳින්න අද එක එක දේශපාලනඥයෝ කටයුතු කරනවා. මේ දේශපාලනඥයෝ හැම තිස්සේම උත්සාහ කරන්නේ බලයට ඒමට.
එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහත්තයගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද නැහැ. ඒ වගේම එදා ඩී. එස්. සේනානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂයත් අද නැහැ. කාලෙන් කාලෙට පක්ෂවල වෙනස්කම් ඇති වෙනවා. ඒක අපි හැම දෙනාම පිළිගන්න ඕන. නමුත් මුල් දර්ශනය සමඟ සෑම පක්ෂයක්ම ඉදිරියට යාම තමයි වැදගත් වෙන්නේ.”

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

