රක්ෂිත බන්ධනාගාර ගතවන්නන් නිරෝධායනය කිරීමේ නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන ගිය බෝගම්බර පැරණි බන්ධනාගාරය තුළ කාන්තා නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් පමණක් පවත්වාගෙන යාමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබේ.
ඒ අනුව ඊයේ (06) දිනයේ එම බන්ධනාගාරයට කන්දකාඩු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව සුවය ලැබූ කොවිඩ් රෝගී කාන්තා රැඳවියන් 663 දෙනෙකු අනුයුක්ත කොට තිබේ . එසේම එම බන්ධනාගාරයේ කොවිඩ් වෛරසය ආසාදිතව සිටි පිරිමි රැඳවියන් 322 ක් අලිමංකඩ යුද හමුදා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට සහ මැගසින් බන්ධනාගාරයට යොමු කිරීමට පියවර ගත් බවත් එම බන්ධනාගාරයේ සේවා කටයුතු සඳහා අනුයුක්ත කර සිටි පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ අච්චු රැඳවියන් 36 දෙනෙකු නැවතත් පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරය වෙත යොමු කිරීමට පියවර ගත් බවත් බන්ධනාගාර ප්‍රකාශකයකු පැවසීය .
බෝගම්බර බන්ධනාගාර නිරෝධායන මධ්‍යස්ථානයේ රිමාන්ඩ් සිරකරුවන් 800 කට ආසන්න ප්‍රමාණයක් නිරෝධායන වෙමින් සිටි අතර අවස්ථා දෙකකදී ඔවුන් බන්ධනාගාරයෙන් මිදී පලා යාමටද උත්සාහ කළේය . එම බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු සහ රැඳවියන් 300 කට අධික ප්‍රමාණයක් ද කොවිඩ් වෛරස් ආසාදිතයන් බවට පත්විය .
ෂේන් සෙනෙවිරත්න