පෞද්ගලික විශ්වවිද්‍යාලයත් අවශ්‍යයි
සෑම විෂය ක්ෂේත්රයකට ම අදාළ ව රාජ්‍ය මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල ද පැවතිය යුතු බව තම ප්‍රතිපත්තිය බවත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල පවතින අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ඒ අකාරයෙන් ම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල ද පැවතීම අනිවාර්ය බත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජෙනරාල් සර් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙත අන්තර්ග්‍රහණය කරන ලද වෛද්‍ය සිසුන් සහ දෙමාපියන් සමඟ අද (20දා) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවති හමුව අමතමිනි.
විදෙස් රටවල අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් විදේශ විනිමය ලෙස වසරකට රුපියල් කෝටි 800ක මුදලක් පිට රටට ගලා යන බවද ජනපතිවරයා මෙහිදී පැවැසීය.
පසුගිය වසර කිහිපය පුරා ඇතමුන් විසින් තම පටු දේශපාලන වුවමනා ඉටු කර ගැනීම සඳහා විශ්වවිද්‍යාල සිසුන් මෙහයවුව ද එම සිසුන් රැක ගනිමින් ඔවුන්ගේ ගැටලු විසඳා දීමට තමන් කැපවූ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
popular news
-
මුණසිංහ Saturday, 21 September 2019 06:16 AM
බම්බුව! මෙයා කරපු කැපවීමක් නැහැ. මෙයා දෙන ටෝක් නෙලුම් කුලුනෙන් දැක්කා.ඇන ගන්න එකමයි කරන්නේ. නමුත් පුද්ගලික විශ්ව විද්‍යාල අද රජයේ ඒවාට වඩා ඉදිරියට ඇදෙමින් පවතින බව පේනවා. රජයේ ඒවායේ ලමයි ඉන්නේ මහ පාරේ. ඒ අතරේ පුද්ගලික අය තමන්ගේ වැඩේ කරගෙන ඉදිරියට යනවා. රජයේ විශ්ව විද්‍යාල පාඨමාලා එක තැන පල්වෙනවා. මෙය වෙනස් විය යුතුයි.
Reply : 0 0
චමින්ද Sunday, 22 September 2019 05:50 PM
මුණසිංහ මහතාගේ අදහස නිවැරදියි.මට අහන්න ලැබුනා විශ්ව විද්‍යාලයට ඇතුලත්වූ දියණියක් (මිනිබිරියක්) ඇය ඉගෙන ගන්නා විෂයය නිර්දේශය තමාගේ සීයාට ලබාදුන්නාම දුවේ මමත් ඉගෙන්ගත්තේ මේ විෂය නිරදේශයමයි කියපු කථාවක්.
Reply : 0 0
ලංකාපුත්‍ර Saturday, 21 September 2019 07:16 AM
එනිසාද ජනපතිතුමණි විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලවල පිරිස්වලට 2019.09.10 සිට අඛණ්ඩ වර්ජනයක යෙදීමට ඉඩදී සිටින්නේ.මෙලෙස මොවුන් 2017 දීත් වර්ජනයේ යෙදුනා දරුවන්ගේ වටිනා කාලය එවර මාස හයක් අහිමිවුනා.මෙවරත් එසේම වේවි.දරුවන් පුද්ගලික විශ්ව විද්‍යාලවලට යොමුකිරීමට මෙසේ කරවනවාද කියා සැක සිතෙනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

