පෞද්ගලික බස් රථවලින් Online ක්‍රමයට ආසන වෙන්කර ගන්න අවස්ථාව
පෞද්ගලික බස්රථ යොදා ගනිමින් කොළඹ සිට දුර ගමන් සේවාවල යන මගීන්ගේ පහසුව සඳහා අන්තර්ජාල පහසුකම් ඇති ඕනෑම පරිගණකයකින් හෝ ජංගම දුරකථනයකින් ආසන වෙන්කරවා ගැනීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ www.ntcbooking.lk වෙබ් අඩවියෙන් අවස්ථාව සලසා ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
නව වැඩපිළිවෙළ යටතේ බාධාවකින් තොරව පහසුවෙන් තම ආසනය වෙන්කරවා ගැනීමට මගීන්ට අවස්ථාව ලැබෙන බවත්, මේ සඳහා ටිකට්පතේ ගාස්තුවට අමතරව රුපියල් 30ක් ගෙවීමට සිදු වන බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙහි මුල් අදියර යටතේ කොළඹ සිට කතරගම, යාපනය, බදුල්ල, අම්පාර, දෙණියාය, පස්සර, ලුණුගල, අකුරැස්ස, තිරුකෝවිල්, මඩකලපුව, පේදුරුතුඩුව, මඩොල්සිම, අනුරාධපුරය, ඩයගම හා ත්‍රිකුණාමලය වැනි දුරස්ථ සේවා ඇතුළු සේවා 35ක මාර්ගගත ආසන වෙන්කිරීමේ පහසුකම් ලබාදී ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

