පොහොර බෙදීමේදී දූෂණය නැත්තේ යාපනයේයි
වංචා, දූෂණවලින් තොරව පොහොර බෙදා හැරෙන එකම දිස්ත්‍රික්කය යාපනය වන බවත් එසේම අම්පාර දිස්ත්‍රික්කය තුළවැඩිම දූෂණ සිදුවන බවට රහස්‍ය වාර්තාවකින් හෙළිව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
කෘෂිපර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් සමග අතුරුගිරිය ජන උදාන ශ්‍රවණාගාරයේදී ඊයේ (15දා) පැවති හමුවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේය.
“සහනාධාර වශයෙන් ගොවීන්ට පොහොර බෙදා දීමේ දී තවමත් අපේ රටේ විවිධ දූෂණ හා වංචා සිදුවෙනවා. මට මේ මෑතක දී මේ සම්බන්ධයෙන් රහස්‍ය වාර්තාවක් ලැබුණා. එම වාර්තාව අනුව අපේ රටේ පොහොර සම්බන්ධයෙන් කිසිදු වංචාවක් වාර්තා නොවන එකම දිස්ත්‍රික්කය යාපනය දිස්ත්‍රික්කය බව තහවුරු වී තිබෙනවා.
ඒ වගේම අපේ රටේ පොහොර බෙදාහැරීමේ දී වැඩිම දූෂණ සිදුවන දිස්ත්‍රික්කය ලෙස වාර්තා වන්නේ අම්පාර දිස්ත්‍රික්කයයි. ඒ නිසා මම තීරණය කළා අම්පාරටත්, යාපනයටත් ගොස් මේ සම්බන්ධ පසුබිම් කතාව මොකක්ද කියා සොයා බලා ඊට අවශ්‍ය පියවර ගන්න.” යැයිද පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

