පොහොට්ටුවේ නව සන්ධානයේ ගිවිසුම් වලට අත්සන් තබයි
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ අවබෝධතා ගිවිසුම් වලට අත්සන් තැබීම අද (26) සිදු කෙරිණි.
විජේරාම ප්‍රදේශයේ පිහිටි විපක්ෂනායක මහිනද් රාජපක්ෂ මහතාගේ නිල නිවසේදි අද පෙරවරුවේ මෙම ගිවිසුම් අත්සන් තැබිම සිදු විය.
ඒ අනුව පහත සඳහන් වන පක්ෂ මෙලෙස ගිවිසුම් ගත විම සිදු විය.
මව්බිම ජනතා පක්ෂය වෙනුවෙන් හේම කුමාර නානයක්කාර, තමිල එක්සත් නිදහස් පෙරමුණ වෙනුවෙන් විනයාගමූර්ති මුරලිදරන් මහතා, ලංකා කම්කරු එක්සත් පෙරමුණ වෙනුවෙන් සතාසිවම් මහතා, ලිබරල් පක්ෂය වෙනුවෙන් කමල් නිශ්ශංක මහතා, නව සිහළ උරුමය වෙනුවෙන් සනත් මනමේන්ද්‍ර මහතා, ප්රජාතන්ත්රවාදී ජාතික ව්‍යාපාරය වෙනුවෙන් අරුණ ද සොයිසා මහතා, භූමිපුත්‍ර පක්ෂය වෙනුවෙන් සරත් විජේරත්න මහතා, එක්සත් ලංකා මහාසභාව වෙනුවෙන් ජයන්ත කුලතුංග මහතා, ඊලවර් ප්රජාතන්ත්රවාදී පෙරමුණ වෙනුවෙන් ඒස්.ජේ තුෂ්යන්තන් මහතා, මුස්ලිම් උලමා පක්ෂය වෙනුවෙන් මුබාරක් අබ්දුල් මජීඞ් මහතා මෙම අවබෝධතා ගිවිසුම් සඳහා අත්සන් කරනු ලැබීය.

popular news
-
Nandana Friday, 26 July 2019 05:07 PM
දැන් පෙන්නනවා "අලිබබා සහ හොරු හතලිහ "
Reply : 0 0
Don Friday, 26 July 2019 09:34 PM
ගිවිසුම් ගහල තියෙන්නේ ජනතාව දේශපාලනයෙන් අයින් කරපු උන් සමගනේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

