පොහොට්ටුවටත් හංසයාටත් මගේ ඡන්දය නෑ - වෙල්ගම
මෙම 05 වැනිදින පැවැත්වෙන පක්ෂ සම්මේලනයේ දි ශ්‍රී.ල.නි.පක්ෂයේ ශක්තිය තියෙන්නේ මධ්‍යම කාරක සභාවේ නිලධාරින්ටද යනන දැක ගැනීමට හැකි බව එ.ජ.නි. සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී හා හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි.
අද (03) ගාල්ල උළුවිටිකේ උත්සව ශාලාවකදි පැවැති අක්මිමන හා ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී.ල.නි. පක්ෂය ක්‍රියාකාරින්ගේ රැස්වීමකදි මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.
“චන්ද්‍රිකා නෝනාත් සමග මම මේ සමුළුවට සහභාගි වෙනවා. ශ්‍රී.ල.නි.පක්ෂය ආරක්ෂා කිරිමට තමයි මෙම සමුළුව තියෙන්නේ. මම කියන්නේ නැහැ අහවලාට ඡන්දය දෙන්න කියලා මම මැතිණිටත් ඒ ගැන කිවා. නායකයින් කියා ගන්නා ශ්‍රී.ල.නි.පක්ෂයේ මධ්‍යම කාරක සභිකයින්ව ඒ අය අපිව දැන් එළියට දමාගන්න බලාගෙන ඉන්නවා නමුත් මේ මැතිවරණයෙන් පසු අපේ ඉලක්කයට ගියහොත්. ඒ අයගේ කණෙන් අල්ලා එළියට දමනවා. ඒ වගකිම මට භාරදෙන්න.
මොන බාධක ආවත් අපේ පක්ෂය අපි ආරක්ෂා කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තය ජයග්‍රහණය කළහොත් පක්ෂයේ අතුරු ව්‍යවස්ථාවේ තියෙනවා. සන්ධානයක් ගහලා ඒ අපේක්ෂකයා මේ රටෙ ජනාධිපති වුවහොත් ඔහු පක්ෂයකට බැදිලා නැත්නම් ඔහුට පුළුවන් ශ්‍රී.ල.නි පක්ෂයේ සමාජිකත්වය අරගෙන සභාපතිවෙන්න.
මම පොහොට්ටුවට ඡන්දය දෙන්නේ නැහැ. වැඩකරන්නෙත් නැහැ. හංසයාට ඡන්දය දෙන්නෙත් නැහැ. වැඩකරන්නෙත් නැහැ. නමුත් මගේ ඡන්දය පාවචිච් කරනවා. කාටවත් අයිතියකන් නැහැ වෙල්ගම මහත්තයා කාටද ඡන්දය දෙන්නේ කියලා අහන්න එක මගේ අයිතිය. පොහොට්ටුව පරදන්න මගේ ඡන්දය පාවිච්චි කරනවා.
ශ්‍රී.ල.නි.පක්ෂය කියන විට මහින්ද මහත්තයාගේ නම කියන්නේ නැහැ නේ. මෙකත් මහින්ද මහත්තයාගේ ඔලුවේ තියෙනවා. මම ඉතින් දකුණු අත නේ මම නොදන්නා දෙයක් නැහැ නේ. මහින්ද මහත්තයාට එහෙම අනන්‍යතාවයක් නැති නිසා තමයි පොහොට්ටුව හැදුවේ.”
ජිනේෂ් නානායක්කාර

popular news
-
ඔබේ චන්දයට සබැ වටිනා කමක් Monday, 04 November 2019 03:17 AM
අද රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයකි. මෙවර විකල්පය තෝරාගනිමු. පටු දේශපාලන මතවාද අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා හා රටට අත්‍යවශ්‍යම වූ විකල්පය සදහා පළමු මනාපය විකල්ප වෙනුවෙන් වෙන්කරමු. තවමත් හිත යටින් අන්ධව විස්වාස කරයි නම් ඔබගේ දෙවැනි මනාපය ඔබේ දැක්ම අනුව රටට විනාශය ගෙනවයි සිතන අපේක්ෂකයා පැරදවීමට පාවිච්චි කරන්න. (කිසිවකු මෙවර 50% නොගන්න බැවින් ඔබගේ වටිනා මනාපය අපතේ නොයා ඉහලම වටිනාකම ක් මෙමගින් ලැබේ.)
Reply : 0 0
wije Monday, 04 November 2019 03:15 PM
Velgama vs Chandirika niyama debayoo denna. elowak nathi melowak nathi pissu dabala. onna oya dennata apaya hodai. Mokada dennama Raajapakshala ekka wairene neda.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

