පොහොට්ටුවට තර්ජනය කරන්න පුළුවන් අපේක්ෂකයෙක් මේ රටේ වත් නෑ - ප්‍රසන්න
ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යුතු බවට වන යෝජනාවක් එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් කමිටුවේ දී සම්මත කෙරිණි.
එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පැවැති එම කමිටු රැස්වීමේ දී සම්මත වූ යෝජනාව ඉදිරි දිනවල දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත දන්වා යැවීමටත් තීරණය කෙරිණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයන්, අනුබද්ධ සංවිධානවල නියෝජිතයන් සහ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් සමන්විත කමිටු සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේය.
“ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවේ අපේක්ෂකයා වශයෙන් නම් කළ යුතු බවට ජනතාව අතර මතයක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි දිස්ත්‍රික් කමිටුවේ දී සාකච්ඡා කළා. දිස්ත්‍රික් කමිටුවේ ඒකමතික තීන්දුව වුණෙත් අපේක්ෂකත්වයට ගෝඨාභය රාජපක්ෂ මහතා සුදුසුයි කියන එකයි. ඒ අනුව අපි ඒ මතය මහින්ද රාජපක්ෂ මහතා වෙත දන්වා යැවීමට කටයුතු කරනවා.
කොහොම වුණත් අගෝස්තු මාසේ 11 වැනි දා අපේ පක්ෂයේ මහ සමුළුවේ දී අපේක්ෂකයා නම් කිරීමට නියමිතයි. මහින්ද රාජපක්ෂ මහත්තයා අපේ පක්ෂයේ නායකයා ලෙස නම් කිරීමෙන් අනතුරුව පක්ෂයේ අපේක්ෂකයා එතුමා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. අපි විශ්වාස කරනවා එතුමා අපේ යෝජනා ගැනත් සැලකිල්ල යොමු කරයි කියලා.
එක්සත් ජාතික පක්ෂය මේ වන විට අපේක්ෂකයෙක් නැතිව වල්මත් වෙලා තියෙනවා. සමහර ඇමැතිවරුන් හිතනවා තමන් අපේක්ෂකයා ලෙස නම් කරයි කියලා. නමුත් ඒ අයට අමතක වෙලා තියෙනවා රනිල් වික්‍රමසිංහ අකමැති කිසිවකුට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය ලබාගන්න බැරි බව. රනිල්ට ඕනේ වෙලා තියෙන්නේ ජනාධිපතිවරණය දිනන්න නෙමෙයි පක්ෂ නායකත්වය රැකගන්නයි.
අපි දැක්ක අපේක්ෂකයෝ නැතත් ආර්යාවෝ නම් බිහිවෙලා ඉන්නවා. දැන් එක්සත් ජාතික පක්ෂයට වෙලා තියෙන්නේ ජනාධිපති අපේක්ෂකයෙක් හොයන්න නෙමෙයි බිහිවෙලා ඉන්න ආර්යාවට ගැළපෙන අපේක්ෂකයෙක් හොයන්නයි. සජිත් මහත්තයටත් සිද්ධ වෙලා තියෙනවා තමන්ගේ ආර්යාවට තියෙන අයිතිය තහවුරු කරගැනීම වෙනුවෙන් අපේක්ෂකත්වය දිනාගන්න.
අපි අවධාරණයෙන් කියනවා ජාති, ආගම් භේද වපුරලා මේ වතාවේ ජනාධිපතිවරණය දිනන්න එක්සත් ජාතික පක්ෂයට බැරි බව. මේ වතාවේ ජයග්‍රාහකයා බිහි වෙන්නේ පොදුජන පෙරමුණෙන්. මුළු රටම දැන් අපේ අපේක්ෂකයා දිනවීම සඳහා පෙළ ගැසී තිබෙනවා. ඒ අපේක්ෂකයාගේ අහළකටවත් ළං වෙන්න ඔය ඉන්න අපේක්ෂකයන් දුසිම් ගණනකටවත් බැහැ.
අපි දැක්කා සමහර අපේක්ෂකයෝ මේ දවස්වල කුඩේ කුඩු වෙලා යන හැටි. එක අපේක්ෂකයෙක් බලෙන් ප්‍රභූ වෙන්න ගිහින් ඇඳිවත ගලවා ගත්තා. තව අපේක්ෂකයෙක් කුණු ගෙන්නලා කුණු වෙලා ගියා. තවත් කෙනෙක් කැසිනෝ හින්දා නට්ටං වුණා. එහෙම බලනකොට පොහොට්ටුවට තර්ජනයක් කරන්න පුළුවන් අපේක්ෂකයෙක් මේ රටේවත් නැහැ.

popular news
-
dilal Sunday, 21 July 2019 04:23 PM
2015වෙත් චන්ද ප්‍රතිපල කියනකම් ඔය කතාවමන කිව්වේ.මතක නැද්ද. නාගානන්ද 70%වක් චන්ද ගන්නවා කියනවා.
Reply : 0 0
Champa Sunday, 21 July 2019 06:07 PM
ඇත්තටම මොකක් හරි සිද්ධ වෙනවා. මාත් හිතුව. ජනාධිපතිවරණ අපේක්ෂකයෝ කඩා වැටෙන හැටි නම් ටිකක් පුදුමයි. නගානන්දට වෙච්ච වැඩේ මම මුලින් හිතුවේ සැලසුම් සහගත වැඩක් කියල. හැබැයි දිනේෂ්ටයි ධම්මිකටයි වෙච්ච වැඩේ එහෙම එකක් නෙමෙයි. අනෝජ් de සිල්වා ගැනත් ලිපියක් තිබ්බ. එයත් ඉවරයි. ගෝඨාභයට ඉදිරිපත් වෙන්න පුළුවන් හැබැයි කීයටවත් දිනන්නේ නැහැ. මම මුලින් කියපු ගාන ඒ කියන්නේ 20%ක් හෝ ඊට අඩු චන්ද ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. සජිත් හෝ කරු ගැන කතා කරන්නවත් වැඩක් නැහැ. මිලියන් 15ක් සිංහලයෝ ඉන්නවා. ලංකාවේ ඊළඟ අයිතිකාරයා එන්න ඕනේ විනාශ වෙන සම්බුද්ධ සාසනය ආරක්ෂා කරන්න. ඒ කියන්නේ ඉතුරු අවුරුදු 2438ක් (5000 - 2562) ලංකාවේ සම්බුද්ධ සාසනය පවතින්න ඕනේ. එහෙම වෙන්න නම් නියම සිංහල බෞද්ධයෙක්ගේ අතට ලංකාවේ බලය යන්න ඕනේ. ඊට පස්සේ ලංකාව වෙනස් කරන්න ඕනේ. මාත් බලා ඉන්නවා කවුරු හරි මිනිහෙක් ඉදිරිපත් වෙනකම්. එච්චර වැඩි වැඩක් නැහැ කරන්න. ගෝඨාභය නිකම් අඳුරේ අතපත ගානවා. තමන්ට කියල දැක්මක් නැහැ. දැන් මිනිස්සු බය වෙලා ඉන්න වහබ් අන්තවාදය හෝ නැවත දෙමල ත්රස්තවාදයක් හෝ ඇති වෙන එක නවත්තන්න මොකක්ද කරන්න ඕනේ කියල කවුරු හරි ගෝඨාභයගෙන් අහන්න ඕ.
Reply : 0 0
Deepal Nirosh Monday, 22 July 2019 10:06 AM
නැත්තෙ මේ රටේනෙ, රට දිහා විතරක් නොවෙයි මහත්තයො බලන්න ලෝකය දිහා, 2015දි වුනේ මොකද්ද කියල තාම තේරුම් අරගෙන නැහැ. සෞඛ්‍ය ඇමතිතුමා කියනව වගේම මෙයාල තවම ඉන්නෙ දූපත් මානසිකත්වයෙ.
Reply : 0 0
Nandana Monday, 22 July 2019 10:31 AM
බලයට තියන කෑදරකම මුනේම්ම පේනවා .රට කන්න හදන පාපතරයෝ, එන ආත්මයේ ඌරං වෙලා ඉපදේවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

