පොහොට්ටුවට එරෙහිව එජාපය පොලීසියට
ජනබලය කොළඹට විරෝධතාව සඳහා එක්වූවන්ට විෂ දැමූ කිරිපැකට් ලබාදුන් බවට එක්සත් ජාතික පක්ෂයට එල්ල කරන චෝදනාව පිළිබඳව විමර්ශනයක් ඉල්ලා එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් අද (10දා) මිරිහාන පොලීසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
හරීන් ප්රනාන්දු, මුජිබර් රහුමාන් හා නලින් බණ්ඩාර යන මැති ඇමතිවරුන් පිරිසක් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ ඒකාබද්ධ විපක්ෂයේ ශෙහාන් සේමසිංහට හා විමල් වීරවංශ යන මන්ත්රීවරුන්ට එරෙහිවය.
එසේම මේ පිළිබඳව පොලිස්පතිවරයාටද ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ඔවුහු සඳහන් කළහ.
popular news
-
Champa Monday, 10 September 2018 06:12 PM
ඕක විමර්ශනය කරන්න බාර දෙන්න ඕනේ වෙන රටක පොලිසියකට. ඒ මොකොද කිව්වා නම් යහපාලන පොලිසිය ගැන රටම දන්නවා. මුජිබර් තමයි ඉස්සෙල්ලම කිව්වේ ඒවා කල් ඉකුත් වූ කිරි පැකට් කියලා. එහෙම කිව්වේ ඒ පිළිබඳව පරීක්ෂණයක් කරලා, ඒකෙන් රෝගී වූ මිනිස්සුන්ගේ රුධිර සාම්පල් පරික්ෂ කරලා එහෙම වෙන්න ඇතිනේ. ඒ හින්ද ඒ වැඩේට තමන් හවුල් නැත්නම් මුජිබර් තමයි තමන්ගේ වාර්තා පොලිසියට ඉදිරිපත් කරලා තමන් ඒ නිගමනයට ආවේ කොහොමද කියලා ඔප්පු කරන්න ඕනේ. විමල් සහ ෂෙහාන් කලේ රෝගී වූ ජනතාව, ඔවුන්ගේ පවුල් වල අය සහ ඉතාම පහත් පෙලේ UNP style මේ සිද්ධිය ගැන කම්පාවට පත් වෙච්ච රටේම ජනතාව වෙනුවෙන් කතා කරපු එක. මහජන නියෝජිතයන්ට ජනතාව වෙනුවෙන් කතා කරන්න අයිතියක් නැත්නම් කාටද අයිතියක් තියෙන්නේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

