පොහොට්ටුව පක්ෂ තුනක් සමග සාකච්ඡා
ඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කිරීම සහ තිරසාර වැඩපිළිවෙලක් සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සෙසු දේශපාලන පක්ෂ සාකච්ඡුා ආරම්භ කොට ඇතැයි එම පක්ෂය පවසයි.
ඒ අනුව අද (25දා) පෙරවරුවේ ඊ. පී. ඩී. පී පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ප්රජාතන්ත්රවාදි වාමාංශික පෙරමුණ යන පක්ෂ සමග නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදි සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබේ.
විශේෂඥ කමිටු විසිහයක් යටතේ සහ ගම සමඟ පිළිසඳරක් වැඩ පිළිවෙල යටතේ ගම් මට්ට්ටමෙන් රැස් කළ තොරතුරුත් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව කටයුතු කරන දේශපාලන පක්ෂවල යෝජනාද ඇතුළත් කරමින් අනාගතයේදි ක්‍රියාත්මක කිරිමට නියමිත මෙම ජාතික ප්‍රතිපත්තිය සකස් කෙරෙයි.
දේශපාලන පක්ෂවල යෝජනා සහ අදහස් ලිඛිතව ලබාදීමටත්, ප්‍රතිපත්ති සම්පාදක කමිටු ඳදහා නියෝජතයින් සහභාගි කරවීමටත් මෙහිදි එකගත්වය පළවිය.
එමෙන්ම රටට අහිතකර ගිවිසුම්, රාජ්‍ය දේපල පෞද්ගලීකරණය, ඇතුළු මාතෘභූමිය අභියෝගයට ලක්කරන තීින්දුවලට එරෙහිවත්, ජාතික ආරක්ෂාව තහවුරු කර සුරක්ෂිත රටක් බිහිකිරීම උදෙසාත් ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂ විරෝධී බලමුුවක් ලෙස එක්ව කටයුතු කිරීමේ වැදගත්කම පක්ෂ නියෝජිතයින්ගේ දැඩි අවධානයට ලක්වූ බව පක්ෂය නියෝජය කරයි.
ඊ. පි. ඩී. පී පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මහතා ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක්ද, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩීව්. ගුණසේකර මහතා ඇතුළු පිරිසක්ද, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ නියෝජනය කරමින් පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ජී. වී. ඩි. තිලකසිරි මහතා ඇතුලූ පිරිසක්ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, පාර්ලිමේන්තු මන්ත්‍රී සි. බී. රත්නායක මහතා ඇතුළු පිරිසක් එක්ව තිබේ.




popular news
-
Demuni de silva Wednesday, 26 June 2019 06:47 AM
Has SLPP a vision; it depends on an individual.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

