පොසොන් උත්සවය වෙනුවෙන් දිවයිනේ පාසල්වල විශේෂ වැඩසටහන් මාලාවක්
2019 ජුනි මස 16 වැනිදාට යෙදී තිබෙන පොසොන් උත්සවය වෙනුවෙන් දිවයිනේ පාසල් කේන්ද්‍ර කර ගනිමින් විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව පිරිවෙන්, බෞද්ධ සිසුන් බහුතරයක් ඉගෙනුම ලබන පාසල්වල හා සෙසු සියලු අධ්‍යාපන ආයතනවල පහත සඳහන් පරිදි මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛයක් මගින් සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හා පළාත්, කලාප හා කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂවරුන්, පරිවේනාධිපති වහන්සේලා සහ විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.
ජුනි මස 12 වැනිදා මහින්දාගමනය අනුස්මරණය කිරිම සඳහා පාසල් පරිශ්‍රය හා පන්ති කාමර තුළ බෞද්ධ කොඩිවලින් සැරසීමත්, ජූනි මස 13 වැනිදා අසරණයන්ට පිහිටවීම මුල් කරගත් වැඩසටහන් අදාළ පාසල්වල විදුහල්පතිගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කිරීමත්, ජුනි මස 14 වැනිදා ශීල වැඩසටහන්, ජුනි මස 15 වැනිදා මහින්දාගමනය අනුස්මරණය කිරිම සඳහා තම නිවෙස්වල සැරසිලි කිරිමත්, ජුනි මස 16 වැනිදා දෙමවුපියන්, වැඩිහිටියන් සමඟ සීල සමාදාන වැඩසටහන්වලට සහභාගිවිම හෝ සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන්ට ඇප උපස්ථාන කිරිම හා සෙසු ආමිස හා ප්‍රතිපත්ති පූජාවල යෙදීම ද ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කොට තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

