නාඋල , අඹන් ගඟ රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගැරු පිරිසක් වැටලිමට ගිය අවස්ථාවේ දී පළාගිය පිරිසෙන් එක් පුද්ගලයෙකු වනඅලි ප්රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා දඹුල්ල මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි නාඋල පොලීසිය පවසයි.
අද (21) නාඋල පොලීසියේ නිලධාරි කණ්ඩායමකට ලද තොරතුරකට අනුව අඹන් ගඟ ප්රදේශයේ මොරගහකන්ද ජලාශයේ ජලය බැස ගිය ප්රදේශයේ අනවසරෙන් මැණික් ගැරු පිරිසක් වැටලීමට ගොස් තිබේ.
පොලීසිය පැමිණෙන බව දුටු පිරිසක් පළාගොස් ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු වනඅලි ප්රහාරයට ලක්ව ඇති බව පොලීසිය කියයි.
මෙලෙස වනඅලි ප්රහාරයට ලක්ව ඇත්තේ මොරේ මඩේ මුදියන්සේලාගේ තිලකරත්න (47) නැමැති රජාවෙල, කෝන්ගහවෙල ලිපිනයේ පදිංචි පුද්ගලයෙකි.
මොරගහකන්ද ජලාශයේ ජලයෙන් යටවු ප්රදේශ රැසක අනවසර මැණික් ගැරීම් සිදුවන බවත් ඒ සම්බන්ධයෙන් පොලීසිය නිරන්තර වැටලීම් වල නිරත වන බවත් පොලීසිය පවසයි.
රක්ෂිත ප්රදේශ වල සිදුවන මැණික් ගැරිම් ඇතුළු විවිධ ජාවාරම් සම්බන්ධයෙන් නිරන්තර සොදිසි මෙහෙයුම් ක්රියාත්මක බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.
