පොලිස්පතිට හා CID යට ජනපතිගෙන් දැඩි දොස්මුරයක්
2015 සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව ප්‍රධාන පෙළේ සිදුවීම් කිහිපයක් පිළිබඳව විමර්ශන කළත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකුටත් නඩු පවරා නොමැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පොලිස්පතිවරයාටත් තදින් දෝෂාරොපණය කළ බවද සඳහන් කළේය.
අද පැවැති මාධ්‍ය ප්‍රධානීන් හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කිහිපයක්ම කරනවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර් පැහැරගෙන යෑම, එක්නැළිගොඩ පැහැරගෙන යෑම, තරුණයන් 11 දෙනෙක් අතුරුදන් කිරීම වැනි පරීක්ෂණ සිදුවෙනවා.
මේ සම්බන්ධයෙන් ඊයේ කැබිනට් රැස්වීමට මම පොලිස්පතිතුමාගේ වාර්තාවක් ඉදිරිපත් කළා. එම අලුත්ම වාර්තාවට අනුව 2015 සිට කරන පරීක්ෂණ සඳහා කිසිම ආකාරයක නඩු පැවැරීමක් වෙලා නෑ.
මේ ගැන මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පොලිස්පතිතුමාටත් තදින්ම දොස් කිව්වා. ඇයි මේ නඩු පවරන්නේ නැත්තේ කියලා.
මාධ්‍යවලට නිවැරදි තොරතුරු එන්නේ නැති නිසා වාර්තා වල අසමතුළිතතාවයක් තියෙනවා. දැන් ජනතාව හිතාගෙන ඉන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයා තරුණයන් 11 දෙනා ඝාතනය කිරීමට සම්බන්ධයි කියලා. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන විදියට සම්බන්ධ අයට රටින් පිටවීමට අවස්ථාව දුන් බවට තමයි චෝදනා තියෙන්නේ
2015 අටවෙනි මාසේ සිට ත්‍රිවිධ හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කරලා තියෙනවා. කාටවත් නඩුවක් නෑ. මේ තත්ත්වයන් පිළිබඳව මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පොලිස්පතිතුමාටත් කිව්වේ නඩු පවරන්න කියලයි. දීර්ඝ කාලයක් අත්අඩංගුවේ තබාගෙන සිටියාම රණවිරු දඬයම කියලා චෝදනාවක් එනවා.
නඩු නොදැනීම ප්‍රශ්ණයක්. මම තදින් දොස්කිව්වා. නඩුවක් පවරන්නට බැරිනම් අත්අඩංගුවට ගැනීමත් දීර්ඝ කාලයක් ඇතුළේ තබාගෙන එළියට දැමීමත් වැරදියි. මටත් අවශ්‍ය නඩු පැවැරීමයි. මේ කාරණා UNHRC අපට තිබෙන යෝජනාවල තිබෙන කරුණු.”

popular news
-
Champa Friday, 14 September 2018 03:45 PM
දැන්නේ තේරුනේ මේ හදිසි අවදිවීම මොකොද කියලා. මේ නඩු ටික "UNHRC අපට තිබෙන යෝජනාවල තිබෙන කරුණුලු." නඩු දාන්න කියලා කියන්නේ ඒකයි. දැන් කවුද UNHRC එකට ඕනේ විදියට නටන්නේ? මහින්දද මෛත්රීද? මේ කෑ ගහන්නේ හෙට අනිත්ද UNGA එකට ගිහින් කියන්න ඔන්න UNHRC අපිට කියපු විදිහට හෙවත් අපි (රනිල් සහ මම) කොටි ඩියස්පෝරාවට පොරොන්දු වෙහ්ච්චා විදහට සුවච කීකරු බලු කුක්කෝ වගේ ඔබලා කියපු විදිහට ගිය රජයේ මිනිස්සුන්ට විරුද්ධව නඩු දැම්ම කියලද? ----- අනිත් එක රවින්ද්‍ර විජේගුණවර්ධනට විතරක් නෙමේ හිරේ දාල ඉන්න අනිත් හමුදාවේ ඔත්තු සේවා නිලධාරීන්ට විරුද්ධවත් දාපු නඩු වලින් කියන්නෙත් අදාළ හමුදා නිලධාරීන් මිනීමරුවන් කියලා තමයි. ඔවුන්ගේ පවුල් වල අය කියනව ගමේ මිනිස්සුන්ට පොලිසිය දීපු චිත්‍රෙ ඒක කියලා. ඒවා ඔක්කොටම කට වාන් ඉඳල විජේගුණවර්ධනට විතරක් කට ඇරුනේ කොහොමද? මෙතන ජනාධිපතිතුමාට ප්‍රශ්නේ තියෙන්නේ මිනිහ ගැන නෙමෙයි මේ case එක ගැන මං හිතන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

