පොලිස් කාකි ඇඳුම වෙනස් කරනවා - ජනපති
දැනට භාවිත වන කාකි ඇඳුම වෙනුවට වඩා සුදුසු නිල ඇඳුමක් පොලිස් නිලධාරින්ට හඳුන්වාදීම පිළිබඳව තමා අදාළ අංශ සමඟ සාකච්ඡා කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
පොලිසිය පිළිබඳ ජනතාව තුළ පවතින අයහපත් ආකල්ප වෙනස් කරමින් ගුණාත්මක සහ ගෞරවාන්විත පොලිස් සේවාවක් ගොඩනැඟීමට පොලිසිය තුළ සිදුකරන අභ්‍යන්තර වෙනස්කම්වල තවත් පියවරක් ලෙස ඉදිරියේ දී මෙලෙස පොලිස් නිල ඇඳුමේ ද යම් වෙනසක් සිදුකිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ කොස්ගම පොලිස් ස්ථානයේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (28දා) පස්වරුවේ එක්වෙමිනි.
මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ තමා පොලිස් දෙපාර්තමේන්තුව භාරගෙන ගෙවීගිය මාස කිහිපය තුළ එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ මෙන්ම අභ්‍යන්තරව සිදු කළ යුතුව තිබූ වෙනස්කම් රැසක් සිදු කිරීමට ද පියවර ගත් බවයි.

popular news
-
Champa Friday, 29 March 2019 09:08 PM
හොඳයි වැඩේ. පොලිස්කාරයෝ කීයක් ඉන්නවද ලංකාවේ? ඔක්කොගෙම නිල ඇඳුම් වෙනස් කරන්න බිලියන් කීයක් වියදම් කරන්න ඕනෙද? වීසි කරන්න සල්ලි තියෙනවා නම් සහ පොලිසිය වෙනුවෙන් වෙන කරන්න කිසිම දෙයක් නැත්නම් ඔන්න මේ වගේ කරාට කමක් නැහැ. දැන් එහෙමද? මම අවුරුද්දකටද කොහෙද ඉස්සෙල්ල දැක්ක පොලිසියේ අය නැවතිලා ඉන්න quarters වල හැටි. ඇඳන් උඩ රෙදි, එතනම වැලවල් බැඳලා රෙදි වේලනවා, හරියට පහසුකුම්ත් මුකුත් නැහැ. මේ නිස්කාරනේ නිල ඇඳුම් වලට වියදම් කරන සල්ලි වලින් පහල ශ්‍රේණි වල පොලිස් නිලධාරීන් නැවතිලා ඉන්න තැන්වලට washing machines ටිකක් දුන්න නම්, නැත්නම් ඔවුන්ට වෙනත් පහසුකම් දුන්න නම් මොකොද වෙන්නේ? අනිත් එක පොලිසියට වාහන නැහැ කියලා අඬනවා. ඕනේ එකකදී කියනව පොලිසි වල වාහන කැඩිලා, අරක මේක. නිල ඇඳුම වෙනස් කරනවා වගේ දෙයක් කරන්න ඕනේ අනිත් ඔක්කොම හරියට තියෙනව නම්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

