www.ada.lk
2026 ජුනි මස 27 වන සෙනසුරාදා
මීරිගම දිවුලපිටිය මාර්ගයේ පොත්තෙවෙල ප්රදේශයේ පිහිටි දිසිදි පොල් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද (07දා) උදෑසන ඇති වූ හදිසි ගින්නකින් රුපියල් රුපියල් ලක්ෂ ගණනක අලාභයක් සිදු වී ඇතැයි එම පාලනාධිකාරිය කියයි.
කර්මාන්ත ශාලාව පිටුපස පිහිටි කොප්පරා වේලන ගොඩනැගිල්ලේ මෙම ගින්න හටගෙන ඇති අතර, වේලෙන්නට දමා තිබූ කොප්පරා තොගය සහ ඒ ආසන්නයේ තිබූ පොල්කටු ගොඩට ගිනි ඇවිළී ගින්න පැතිර ගොස් තිබේ.
ගින්න සැලවීමත් සමග එහි ආ මීරිගම කිතුල්වල ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් සේවක පිරිස් හා එක්ව ගින්න මැඬපැවැත්වීමට කි්රයා කර ඇති අතර, ගම්පහ නගර සභාවේ ගිනි නිවන ඒකකයද පැමිණ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැවීමට පියවර ගෙන තිබිණි.
අදාළ ගින්නෙන් සේවකයන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
popular news
ප්රධාන දුම්රිය කොරිඩෝ තුනකට විදුලි දුම්රිය
පස් ගැටි ආරක්ෂක සංකල්පය සාර්ථකයි
මැතිවරණවලදී නොමැකෙන තීන්ත වලින් ඡන්ද දායකයා සලකුණු කිරීම අවසන් කරයි
රු. කෝටි 35ක හෂීෂ් සමග කැනඩා හෙද ශිෂ්යවක් අල්ලයි
දුම්රියේ අලුත් කර්මාන්තශාලාවට දොඹකර පහක් ගෙන්වයි
බාල සනීපාරක්ෂක තුවා නිසා සුපිරි වෙළඳසැළකට හා නිෂ්පාදන සමාගමට නඩු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd