වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනිමට ගිය හිඟුරක්ගොඩ පොලීසියේ උපපොලිස් පරික්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරින් තිදෙනෙකුට හිඟුරක්ගොඩ ප්රාදේශිය සභාවේ ශ්රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රිවරයකු ඊයේ (02) දින පස්වරුවේ දි පහරදිම නිසා එක් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලේ ප්රතිකාර ලබන බව හිඟුරක්ගොඩ පොලීසිය පවසයි.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ හිඟුරක්ගොඩ පොලිස්ථානයේ සේවය කරන උපපොලිස් පරික්ෂකවරයෙකු වන එම් ඩී ආර් ෂෙහාන් යන අයයි.
හිඟුරක්ගොඩ පොලිස් වසමේ යොද ඇළ ප්රදේශයේ පුද්ගලයෙකු නීතිවිරෝධි මත්පැන් අත්අඩංගුවට සමග ගෙන හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අධිකරණ ඇප මත නිදහස් වී නැවත ඔහු අධිකරණයේ පෙනි නොසිටිම නිසා අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.
පසුව එම සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා උපපොලිස් පරික්ෂක ෂෙහාන් මහතා මෙන්ම පොලිස් සැරයෙන්වරයෙකුත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුත් ගොස් තිබේ.
එහිදි වරෙන්තුකරු හිඟුරක්ගොඩ ප්රාදේශිය සභාව නියෝජනය කරන ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරයෙකුවන ආර් එම් චාමින්ද ලක්ෂ්මන් රාජකරුණා නැමැති අයගේ නිවසේ සිටි බව කියයි.
පොලිස් නිලධාරින් විසින් එම වරෙන්තුකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ එහි සිටි මන්ත්රීවරයා එයට බාධා කරමින් පොලිස් නිලධාරීන්ට පහරදුන් බව හිඟුරක්ගොඩ පොලීසිය පවසයි.
පසුව පොලිස් නිලධාරීන් වරෙන්තුකරු හා යතුරු පැදියක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේදී මන්ත්රීවරයා එම අවස්ථාවේ නිවසෙන් පළා ගොස් සිට ඇත. පසුව ඔහු පොලීසියට පැමිණ භාර වි තිබේ.
ඉන් අනතුරුව ඔහුද ප්රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතළත් කර තිබේ. මන්ත්රීවරයා පහර දුන් බව කියන උපපොලිස් පරික්ෂකවරයාගේ හිසට සහ ශරිරියේ ස්ථාන කිපයකට තුවාල සිදුව තිබේ.
සිදුවීම පිළිබඳව විශේෂ පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ පවත්වන අතර පොලිස් අත්අඩංගුව යටතේ රෝහල් ගතව සිටින මන්ත්රීවරයා අද (03දා) හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව හිඟුරක්ගොඩ පොලීසිය පවසයි.
