පෙළ පොත් සඳහා පණිවිඩය එක් කිරීමෙන් අමතර වියදමක් නෑ
පාසල් පෙළපොත් සඳහා තම ඡායාරූපය ඇතුළත් පණිවුඩය පෙළ එක්කිරීමෙන් අතිරේක ව කිසිඳු මුදලක් වැය වී නොමැති බවත්, පෙළපොත් මුද්‍රණය ආරම්භයේ පටන් ම විෂය භාර අධ්‍යාපන අමාත්‍යවරයාගේ පණිවුඩය පෙළපොතට ඇතුළත් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
පෙළ පොත් මුද්‍රණයේ දී මිළ ගණනය කරනු ලබන්නේ, වර්ණ හෝ කලු, සුදු පිටු ගණන මත මිසෙක, පිටුවල අන්තර්ගතය පරීක්ෂා කරමින් නොවන බවත්, හිටපු අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ පමණක් නොව, හිටපු ජනාධිපතිවරුන්ගේ ද වර්ණ ඡායාරූප සහිත ව ප්‍රකාශ අන්තර්ගත ව ඇති අවස්ථා ගණනාවක් ම ජනාධිපති විමර්ශන කොමිසම වෙත ඉතා පැහැදිලි සාක්ෂි සහිත ව ඉදිරිපත් කළ බවත් අමාත්‍යවරයා පැවැසීය.
ඔහු මේ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පාසල් පෙළ පොත්වල ඡායාරූපය සහිත පණිවුඩයක් ලබාදීම තුළින් රජයට පාඩුවක් සිදුව ඇති බවට හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අදාළ ව අද (01) ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“දින 52 තුළ සිටි අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මගේ පණිවුඩය පෙළපොත්වලින් ගලවන්න තීරණය කරල, පොත් පිටපත් ලක්ෂ 8කට පමණ මගේ ප්‍රකාශය සහිත පිටුව ඉවත් කරල හිස් පිටුවක් සහිත ව පෙළ පොත ඉදිරිපත් කරන්න නියෝග කරල තියෙනවා.
මේ නිසා දරුවන්ට නිසි කලට පෙළ පොත් ලබාදීමට පවා නොහැකි වෙලා තියෙනවා. ඒ වගේම එතුමා ජාතික ගීයත් පෙළපොතෙන් අයින් කරන්න තීරණය කරලයි තිබුණේ. එහෙත් අවසානයේ දී හිටපු ප්‍රකාශන අධ්‍යාපන කොමසාරිස්තුමිය විසින් කළ කරුණු කාරණා පැහැදිලි කරමින් කළ ඉල්ලීමක් නිසා ජාතික ගීය තවදුරටත් පෙළ ඉතිරි වෙලා තියෙනවා.”

popular news
-
මුණසිංහ Monday, 01 July 2019 08:49 PM
ඔබ තුමාම කියනව මිල තීරණය කරන්නේ වර්ණ/කලු-සුදු පිටු ගණන අනුව කියල. ඔබතුමාගේ වර්ණ ඡායාරෑපය නිසා වර්ණ පිටුවක් අලුතින් එකතුවෙලා කියල තේරෙනවනේ. එහෙනම් තවත් වැඩි මිලක් ගෙවන්න වෙනව නේ.
Reply : 0 8
උපුල් ගලප්පත්ති Tuesday, 02 July 2019 09:20 AM
බොහෝ ඇමතිවරුන්ට ඉදිරිපත් වෙන්නෙ කෝටි ගණන් ගසා කෑවා කියන චෝදනාවන්. ඒත් අකිල ඇමති තුමා ට එල්ල කරලා තියෙන්නෙ ඉතා බාල සහ සිල්ලර පැමිණිල්ලක්. ඒ කියන්නෙ එතුමාට දූෂණ චෝදනා නැහැ කියන එකනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

