පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී කරුණු ඉදිරිපත් කරමින් පුබුදු ජයගොඩ මහතා විල්පත්තු ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව පදිංච් කිරීම පිළිබඳව සඳහන් කිරීමේදී නාවික හමුදාව සම්බන්ධ කරමින් සිදුකරන ලද ප්‍රකාශ නිවැරදි නොවන බවත් ඒවා පදනම් විරහිත බවත් එම ප්‍රකාශය දැඩිව ප්‍රතික්ෂේප කරන බවත් නාවික හමුදාව සඳහන් කරයි.
නාවික හමුදාවේ නිවේදනය
“විශේෂයෙන්ම ඔහු විසින් සඳහන් කරන පරිදි ප්‍රශ්නගත කරුණෙහිදී ඉස්මතු කරන ලද සිලාවතුර, මුල්ළිකුලම් හා ගඟේවාඩිය යන නාවික හමුදා කඳවුරු ස්ථාපිත ප්‍රදේශයන් හි නාවික හමුදාව විසින් කිසිදු ආකාරයක සංචාරක හෝටල් පවත්වාගෙන නොයන බව අවධාරණය කෙරේ.
තවද, සිලාවතුර සහ මුල්ළිකුලම් යන නාවික කඳවුරු පිහිටි භූමි ප්‍රදේශයන්හි මුල් පදිංචිකරුවන් ලෙස ඉදිරිපත් වූ පවුල් සඳහා රජය සහ නාවික හමුදාව විසින් එම ප්රදේශයන්හිම වෙනත් ඉඩම් ලබා දීමටත් ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් මෙන්ම විශාල පවුල් සංඛ්‍යාවක් සඳහා නිවාස ඉදිකර දීමටද කටයුතු කර ඇත.
මේ ආකාරයෙන් දේශපාලනයේ නියුතු පුද්ගලයින් විසින් නාවික හමුදාවේ නිළධාරීන්ගේ සහ නාවියන්ගේ චිත්ත ධෛර්යය බිඳ වැටන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම ත් නාවික හමුදාව සම්බන්ධ කර ගනිමින් සමාජීය අර්බුධ ඇතිවිය හැකි ආකාරයේ ප්‍රකාශ සිදු කිරීමත් නාවික හමුදාව විසින් තරයේ ප්‍රතික්ශේප කරන බව වැඩිදුරටත් අවධාරණය කෙරේ.”