පෙනහළු බද්ධ කිරිම් ළඟදීම ආරම්භ කරනවා - රාජිත
ශ්‍රී ලංකාව තුළ පෙනහළු බද්ධය ඉතා ඉක්මනින් ආරම්භ කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අයවැය කාරක සභා අවස්ථාවේදී සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශ වැය ශිර්ෂයේ අදහස් දක්වමින් අද (27දා) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව පැවසිය.
එමෙන්ම ඉදිරි මාස කිහිපය තුළ තවත් ඖෂධ 27 ක මිල අඩු කරන බවද පැවසු අමාත්‍යවරයා අවයව බද්ධ කිරීම සම්බන්ධයෙන්ද පැවසීය.
“ඉපදීමෙන්ම බිහිරි දරැවන් වෙනුවෙන් ශල්‍යකර්ම කරන්න අපි කටයුතු කළා. මේ වනවිට එම ශල්‍යකර්ම 877 ක් සිදුකර තිබෙනවා. අපි මේ වනවිට අවයව බද්ධය ලංකාවේ ආරම්භ කර තිබෙනවා. වකුගඩු බද්ධය පමණයි ලංකාවේ සිදු කලේ එයත් සුළු ප්‍රමාණයක්.
පසුගිය වසරේ වකුගඩු 400 වඩා බද්ධ කර තිබෙනවා. අක්මා බද්ධය ආරම්භ කළා. ජාතික රෝහලේ , උතුරු කොළඹ සහ මහනුවර එය සිදු කරනවා. අක්මා බද්ධ 100 වැඩි ප්‍රමාණයක් කර තිබෙනවා. අග්යනාශ බද්ධය සිදු කිරිම අනුරාධපුර රෝහලෙන් ආරම්භ කළා. ඒ වගේම අත් බද්ධය, පාද බද්ධය සිදු කළා. හෘද්‍ය බද්ධය ආරම්භ කළා. එයත් සාර්ථකයි.
ලංකාවේ පළමු පෙනහළු බද්ධය අපි ආරම්භ කරනවා. ඒ අනුව සියලුම අවයව බද්ධ කිරීම් සාර්ථකව කරගෙන පුළුවන්” බව ඔහු පැවසිය.

popular news
-
Saththaya Thursday, 28 March 2019 08:28 AM
ඇත්තටම පාර්ලිමේන්තුවේ ඉන්න හුග දෙනෙකුට හෝද වැදගත් මොළවල් බද්ද කරන්න පුළුවන් නම් එය රටට කරන ලොකු සේවයක් . වකුගඩු නම් කොහොමත් නරක් වෙලා ඇති , කන්නෙම ජරාවල් නේ . (ජරාවල් කියන්නේ කප්පන් )
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

