ඉන්ධන මිල සූත්‍රය අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි කරන ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල අද මධ්‍යම රත්‍රියේ සිට රුපියල් තුනකින් ඉහළ නැංවීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
අනෙකුත් ඉන්ධන වල මිලෙහි වෙනසක් සිදුනොවෙයි. මිල ඉහළ යැම අනුව ඔක්ටේන් 92ක පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 138ක් වෙයි.
ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් බැරලයක මිල පහළ ගොස් ඇති අවස්ථාවක මෙසේ ඉන්ධන මිල ඉහළ දමා තිබේ.
