හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට හා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ඉදිරිපත්වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන ජනවාරි මස 20 දා සිට විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
එම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදී මේ බව තීරණය කළේය.
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු තිබියදී පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති මූලිකි අයිතිවාසිකම් පෙත්සම් 12ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබේ.
