පුළුවන්නම් වැටුප් වැඩිවීම එපා කියන්න - RRගෙන් MRට අභියෝගයක්
මැති ඇමතිවරුන්ට වැඩි කිරීමට නියමිත 215%ක වැටුප් වැඩිකිරීම තමා ප්‍රතික්ෂේප කරන බවත් ඒ බව කතානායක කරු ජයසූරිය මහතාට ලිපියක් මගින් දැනුම් දෙන බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
මැති ඇමතිවරුන්ට 215%කින් වැටුප් වැඩිකිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
එසේම හැකිනම් එම වැටුප් වැඩිකිරිම ලබා නොගෙන ඉන්නැයි තමන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ පොදු විපක්ෂයට අභියෝග කරන බවත් ඔහු පැවැසීය.
“ගියපාර රුපියල් ලක්ෂයක වැටුප් වැඩිවීම හා රුපියල් 2500ක පැමිණීමේ දීමනාව එපා කියපු එකම මන්ත්‍රී මම. ඒ නිසා මට විවේචනත් ආවා. කැපී පෙනෙන්න නෙමෙයි මම ඒක කළේ. අපි ට්‍රිලියන 10.5ක් ණයයි. ජනතාව දුක්විදින විට අපි පරමාදර්ශී විය යුතුයි. අපි ඡන්දේ දුන්න ජනතාවට වඩා ඉහළින් ඔන්න නෑ කියන එකයි මගේ මතය.
හෙලිකොප්ටර්, නැව් තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් ඉන්නවා. ඒ වගේම මට තිබෙන තොරතුරු අනුව මහජන දිනය පවා අපහසුවෙන් පවත්වන මන්ත්‍රීවරු 50ක් පමණ ඉන්නවා. අනිත් අය ලංකාවේ ඉන්න සුපිරිම පෝසත් අය මේ අයගේ වැටුපට අමතරව ඉන්න බොහෝ අයට තමන්ගේ නමට හා තමන්ගේ පවුලේ ඥාතීන්ගේ නමට මත්පැන් බලපත්‍ර තියෙනවා. එයාර් පෝට් එකේ කඩ තිබෙනවා. වැලි, කලු ගල්, බොරලු, පස්, මැටි ව්‍යාපාර තිබෙනවා.
එහෙම බලද්දී මේ ලැබෙන මුදල ඒ අයට සොච්චමක්. අපිට අවුරුදු 5න් පස්සේ විශ්‍රාම වැටුපක් ලැබෙනවා. කෝටි දෙක හමාරක පමණ පෝමිට් එකක් ලැබෙනවා. මන්ත්‍රී නිල නිවාසයක් ලැබෙනවා. මට අයිතියක් නෑ අනිත් අයට චෝදනා කරන්න මාව අනුගමනය කරන්න කියලා.
බහුතරයක් අය මුළු පවුලටම පඩි දමාගෙන තිබෙනවා. බොහෝ ඇමතිවරුන්ගේ පෞද්ගලික ලේකම්. ලංකාව වගේ ට්‍රිලියන 10.5ක ණයක් ඇති රටකට මේ වැඩිවීම යුක්ති සහගතයි කියා මම හිතන්නේ නෑ. විනිසුරුන්ගේ පඩි වැඩිකිරීමට මම එකඟයි. දේශපාලනය කියන්නේ ගරු සේවයක්.
ජනතා මුදලින් වැඩි පඩි ගැනීම, වාහන ගැනීම ඡන්ද දායකයන් දුක් විදිද්දී ගැලපෙන්නේ නෑ. මිනිස්සු අපිට බනිනවා. මම ඒක අනුමත කරන්නේ නෑ. මේ පඩි වැඩි වීම මම ගන්නෙත් නෑ. ඒක ලිඛිතව කතානායක තුමාට හා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට කියනවා. මේක හැමෝම කළ යුතුයි කියලා මම කියන්නේ නෑ. ලැබිය යුතු පිරිසකුත් ඉන්නවා.
මම අභියෝග කරනවා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොදු විපක්ෂයට පුළුවන්නම් රටට ආදරේ මන්ත්‍රීවරු හැටියට මම වගේ මේක ප්‍රතික්ෂේප කරලා පෙන්වන්න කියලා. මොකද චීන සල්ලිත් තියෙනවා. මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු එන්නෙත් නෑ. නමුත් සල්ලි ගන්නවා. පුළුවන්නම් මේක ප්‍රතික්ෂේප කරලා රටට ආදර්ශයක් දෙන්න” යැයිද ඔහු පැවැසීය.

popular news
-
ජයරත්න Thursday, 02 August 2018 01:19 PM
රන්ජන් මහතාණෙනි! ඔබ ගත් තීරණය නිවැරදියි. අද දේශපාලනය කියන්නේ මෙළෝ රහක් නැති පිරිසකට ධන උල්පතක් වෙලා.-මේ රටේ කොයිතරම් නම් පිරිසක් ඉන්නවද අන්ත දුක් විදින. එහෙව් එකේ මෙහෙම කරන එක යුක්ති සහගතද?
Reply : 305 312
Missaka Thursday, 02 August 2018 02:01 PM
ඔය අභියෝග ඉස්සෙල්ලම කරන්ඩ ඕනේ ඔබේ නායකයා සහ සහචරයන්ගෙන්. ඊට පස්සේ බලමු අනෙක් අය ගැන.
Reply : 6 749
Nimal Rajapakse Thursday, 02 August 2018 02:14 PM
බොහොම හොඳ වැඩක්. හොඳ ආදර්ශයක්. බලමු අනික් අයගේ ප්‍රතිචාරය.
Reply : 0 7
සෙනෙවි Thursday, 02 August 2018 11:19 PM
කාර් පර්මිට් එක නීති විරෝධීව විකුණා සල්ලි ගත් මිනිහා කියන කතා විශ්වාස නෑ
Reply : 73 403
Sumudu Saturday, 04 August 2018 07:28 PM
"මට අයිතියක් නෑ අනිත් අයට චෝදනා කරන්න මාව අනුගමනය කරන්න කියලා" එහෙම කියල මහින්දට challenge කරනවා.... කාට පිස්සුද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

