පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු වූ සහ්රාන් හෂීම්ගේ පුහුණු කඳවුරු වල පුහුණුව ලැබූ තවත් පිරිසක් නිදැල්ලේ ඇති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. හලාවත සුදසුන ශාලාවේ පැවැති ජාතික මග හලාවත සමුළුවට සහභාගී වෙමින් ඔහු මේ බව පැවැසීය.
“සහරාන් සහ ඔහුගේ කල්ලි කණ්ඩායම්වලට අදාල මූලික පිරිස එක්කො අත්අඩංගුවට අරගෙන, එක්කෝ විනාශ කරලා තිබෙනවා. නමුත් අපි අමතක කරන්න හොඳ නැහැ ඔවුන් මේ රටේ ස්ථාන ගණනක නොයෙක් ආකාරයේ පුහුණු කඳවුරු පවත්වාගෙන ගිහිල්ලා තිබෙනවා. දහස් ගණනක් ඒ පුහුණු කඳවුරුවලට සහභාගී වෙලා තිබෙනවා.
ඒ පිරිසෙන් තවත් පිරිසක් තවම නිදහසේ එළියේ සිටින බව අපි අමතක කළ යුතු නැහැ.
මේ අන්තවාදීන් කල්පනා කරන්නේ ඔවුන්ගේ දහම, ඔවුන්ගේ දෙවියන් හැර එනම් අල්ලා දෙවියන් හැර අන් දෙවිවරු බොරුය. බොරු විතරක් නෙමෙයි ඒ අය විනාශ වෙන්න ඕනෙයි කියන ආකල්පය. මේ ආකල්පය, මේ දෘෂ්ඨිය මත ඉඳගෙන තමයි මේ අය කි‍්‍රයාත්මක වෙන්නේ.
බුද්ධි අංශ, ඒ වගේම මෙහෙයුම් අංශ, මේවා අතරේ විශාල හිදැස්, විශාල පරතරයන් මේ රටේ තිබිච්ච බව අද අපට පෙනී ගොස් තිබෙනවා. ඒ නිසා මෙය මර්ධනය කරන්න ඕනෙ නම් අනිවාර්යයෙන්ම මේ දේශපාලන අධිකාරිය ඒ වගේම ආරක්ෂක බුද්ධි අංශ, ඒ වගේම ආරක්ෂක මෙහෙයුම් අංශ එක තැනකට ඇවිල්ලා අන්තර්ජාතිකවත් මේ තොරතුරු හුවමාරු කරගෙන කි‍්‍රයා කළ යුතු වෙනවා.
ඒ වගේම අවි ආයුධ පැත්තෙන් විතරක් නෙමෙයි මුදල් එන පැත්තෙන් ඒ වගේම අන්තර්ජාලයේ ප්රචාරක කි‍්‍රයාවලීන් පැත්තෙන් සොයා බලලා කි‍්‍රයාත්මක වීම අත්‍යාවශ්‍ය වෙනවා. මේ ප්රශ්නය සම්පූර්ණයෙන් විසඳාගන්න ඕනෙ නම් අපි මතක තබා ගත යුතුයි මේ ත්‍රස්තවාදියාගේ පිටුපස තිබෙන දෘෂ්ඨිය, දැක්ම, ඔහුගේ ඔලූවේ තිබෙන අදහස, ඔහුගේ හිසේ වැඩකරන චින්තනයත් සමග ගොඩනැගෙන සමාජ රාමුව වෙනස් කර ගැනීමට අපි ක්‍රියා කළ යුතුයි.”
